*
Monday, May 6, 2024
spot_img

Latest Posts

පෙබරවාරි මාසයේ මුල් දින 15 දී විදෙස් සංචාරකයින් එක්ලක්ෂ පහලොස්දහස ඉක්මවයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): පෙබරවාරි මාසයේ පළමු දින 15 තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පහලොස්දහස ඉක්මවා තිබෙන බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කරයි.

දෛනිකව සංචාරකයින් 7688කට ආසන්න පිරිසක් මෙරටට පැමිණෙන බවත්, 2024 ජනවාරි පළමුවනදා සිට පෙබරවාරි 18 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.

පෙබරවාරි මාසයේ පළමු දින 15 තුළ පමණක් දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ පහලොස්දහස් තුන්සිය විසිඅටක් ලෙස වාර්තා වී ඇත.

2024 වසරේ පසුගිය මාස දෙක තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 14 වනදා බව පැවසේ. එම සංඛ්‍යාව 9443ක් වේ.

මේ වන විට රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන්නේ, මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදිමත් සමග සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමටයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan