*
Saturday, May 11, 2024
spot_img

Latest Posts

බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): පොලිස් නිලධාරීන් 2,253 ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 219 ක්   යොදවා අද (18)දින බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදුකළ බව පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් ගතවීම හේතුවෙන් ඊට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර තිබේ.

එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, නිවාස සෝදිසිකිරීම්වලදී තියුණු ආයුධ රැසක් පොලිස්භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම අතරදී සොයාගෙන ඇති ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

කඩු 06
මන්නා 01
කිනිසි 01
තහනම් පිහි 02
හෙරොයින් ග්‍රෑම් 322
අයිස් ග්‍රෑම් 111
ගංජා ග්‍රෑම් 160
ඈෂ් ග්‍රෑම් 13
නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750
නීතිවිරෝධී දුම්වැටි 855

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan