අධිකරණය තුළ පවා අනාරක්ෂිත වෙලා. වහාම රටේ ආරක්ෂාව තහවුරු කරන්න, අපිත් සහාය දෙන්නම් – විපක්ෂ නායක

සටහන – රුවන් නෙළුගොල්ල

අද වනවිට රටේ නීතිය හා සාමය ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් මතුව මිනිමැරුම් බහුලව සිදුවන බවත් කුඩා දරුවන් පවා මියයන හෙයින් මීට වඩා ශක්තිමත් විසදුමක් රජයෙන් අවශ්‍ය බවත් ඒ සදහා විපක්ෂයක් ලෙස සහයෝගය ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

මේ නිසා අධිකරණය තුළ පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බවත් අධිකරණයට පුද්ගලයකු යන්නේ මරණ බියෙන් නම් එය බරපතල ගැටලුවක් බවත් එම නිසා මේ ගැන අවධානය යොමු කර ශක්තිමත්ම තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් සමාජයේ මෙවැනි දේවල් සිදු නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

නීතිය හා සාමය ශක්තිමත් කරන රාජ්‍ය බලය ආණ්ඩුව සතුව ඇති නිසා මේවා නැවැත්විය යුතු බවත් පැවසූ ඒ මහතා මේ සම්බන්ධ වහාම විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙසත් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...