*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/19

  1. එළඹෙන මාසය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇ.ඩො. බිලියන 2.9 විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – මීට ඉහත මෙම පහසුකම 2022 සැප්තැම්බර් වන විට ලැබෙනු ඇති බවට පවසා තිබිණි.
  2. එළඹෙන මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට බොහෝ ඉඩ තිබෙන බවට වාර්තා පළවෙයි – 2023 අයවැය තුළින් මෙම මැතිවරණය පැවැත්වීම සඳහා රු. බිලියන 10ක් වෙන් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දුන්න ද, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන දිගටම එම මුදල නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරයි.
  3. අරමුදල් හිඟය, රජයේ මුද්‍රණාලය විසින් ප්‍රමාණවත් තරම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අසමත් වීම, ප්‍රවාහනය සඳහා අවශ්‍ය තරම් ඉන්ධන සැපයීමක් සිදු නොවීම ආදී පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වන දින පැවැත්වීමට එල්ලවන බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනුකිරීමට කටයුතු කරන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
  4. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ යන අයට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පා.ම. එස්.එම්. මරික්කාර් පවසයි – මෙරට පවතින උත්තරීතරම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත්, අමාත්‍යංශ විසින් නිකුත් කරන ඕනෑම චක්‍රලේඛයක් ඊට යටත් බව ද පවසයි.
  5. මෙරට අරාජිකත්වය කරා ළඟාවීම වැළැක්වීමට, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා තමා ප්‍රමුඛතාවය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – වසර අවසානය වන විට ආර්ථිකය යළි නඟා සිටුවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැඟීමට තමා අපේක්ෂා කරන බව ද පවසයි.
  6. ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම ඇදී ආ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එල්ලවන විවිධ බාධා පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසුවන බව ආසියාවේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් වන Asian Network for Free Elections පවසයි – පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 මාර්තු 20 වන දින බවත්, එය මේ වන විට වසරකට ආසන්න කාලයකින් කල්ගත වී ඇති බවත් පෙන්වා දෙයි.
  7. රට තුළ පවතින බිත්තර හිඟය හේතුවෙන් පීඩා විඳින බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය බිත්තර තාවකාලික පදනම මත ඉන්දියාවෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි – මෙය ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමට සිදුවන අවසාන අවස්ථාව වනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ද පවසයි.
  8. වගා විනාශ කරන වඳුරන්, මොණරුන්, දඬු ලේනුන්, ඉත්තෑවන්, වල් ඌරන් සහ රිලවුන් විනාශ කර දැමීමට අවසරය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි – රට තුළ වන සතුන් ඝාතනය කිරීම නතර කර දැමූ පසු පාලනයකින් තොර වන සතුන්ගේ ගහනයක් ඇතිවීම මත වගා විනාශ වී යන බවට ගොවීන්ගෙන් ලද පැමිණිලිවලින් අනතුරුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
  9. විදෙස් රැකියා සඳහා මසකට වෛද්‍යවරුන් 50 – 60 පමණ අයදුම්කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි – ඇතැම් වෛද්‍යවරුන් නිවාඩු අයදුම්කිරීමකින් තොරව පවා රට හැර ගොස් ඇති බව ද අනාවරණය කරයි – ඉකුත් වර්ෂය තුළ වෛද්‍යවරුන් 1,000 කට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
  10. 2021 මැයි 19 වන දින MV X-Press Pearl නෞකාව විනාශ වීම සමඟ හටගත් පරිසර හානියට එරෙහිව ගෙන තිබෙන සිවිල් ක්‍රියාකාරකම් කඩිනම් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති අසේල බී රේඛව විසින් ත්‍රිපුද්ගල විශේෂඥ උපදේශක මඬුල්ලක් පත් කර ඇති බව වාර්තා වේ – මීට අදාළ ඉල්ලුම් ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශකර ඇති වසර 02 ක කාලය අපහැදිලි බව සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan