*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජනරජ පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාව හා සතර දේවාල කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසුවේ ,75වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එම පෙරහැර පස්වරු 6.30ට වීදි සංචාරය කරන බවත්, මාළිගාවේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැර මෙන් ජනරජ පෙරහැරද සංවිධාන කර ඇති බවත්ය.

දළදා මාළිගාව අසලින් ගමන් අරඹන ජනරජ පෙරහැර දළදා වීදිය, යටි නුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගෙවැදීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 7 සිට පෙරහැර අවසන් වන තෙක් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හංදියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය අසලට පැමිණ නගරය දෙසට හෝ පේරාදෙණිය දෙසට ගමන් කළ හැකිය.

කටුගස්තොට දෙසට පැමිණෙන සැහැල්ලු වාහන ඩී එස් සේනානායක වීදය ඔස්සේ හරස් වීදිය, යටි නුවර වීදිය, මීරමක්කම් පල්ලිය අසලට පැමිණ තිලක් රත්නායක මාවතට පිවිස පොලිසිය අසලට ගමන් කළ හැකියි.

කටුගස්තොට දෙසට පිටව යන වාහන ගමන් කළ යුත්තේ පොලිසිය අසලින් තිලක් රත්නායක මාර්ගය ඔස්සේ මහයියාව දෙසටයි. සැහැල්ලු වාහන තිලක් රත්නායක මාවත ඔස්සේ පැමිණ මීරමක්කම් පල්ලිය අසලින් කන්ද වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ කටුගස්තොට දෙසට ගමන් කළ හැකි බව පොලිසිය පවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan