ජල ගාස්තු වැඩිවෙයිද??

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසයි.

නිසි අධ්‍යයනයකින් අනතුරුව ජල ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සූදානම් වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙන්නේ ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදා හැරීමේදී වැයවන සමස්ත මුදලෙන් ස 35%ක්ම වැය වන්නේ භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් පළමුවනදා සිටද පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුණු අතර ඒ අනුව ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල දැමුනද එම මුදල ප්‍රමාණවත් නොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර පැපැවසීය. එවන් පසුබිමක් තුළ විදුලි බිල ගාස්තු ඉහළ දැමීමද සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු ඉහළ දැමිය යුතු බව එම මණ්ඩලයේ අදහස වී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...