දයාසිරිගෙන් තම පක්ෂයේම රාජ්‍ය ඇමතිට ප්‍රසිද්ධියේම දෝස්මුරයක් (VIDEO)

Date:

ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කරගැනීම පමණක් නොව මිල පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් මේ වනවිට වෙළඳුන් තමන්ට සිතෙන සිතෙන ආකාරයට මිල තීරණය කිරීම බරපතළ ගැටලුවක් වි ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“සීනි එක කඩේක ඇහුවොත් එක ගාණක්, හාල් එක කඩේක ඇහුවොත් එක ගාණක් … මං හිතන්නෙ අපි ආණ්ඩුව මේවා පාලනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරලා පාලනය අතහැරියා, දැන් වෙලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ඒක අතෑරලා තියෙන්නෙ. ඒ නිසා ආණ්ඩුව විදියට අනිවාර්යයෙන් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය වහාම මැදිහත් වෙන්න ඕනෙ මේ රටේ මිල දර්ශක ප්‍රදර්ශනය කරන්න මේ හැම භාණ්ඩයකම අඩුම තරමේ මිල ප්‍රදර්ශනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනෙ. නැත්නම් විශාල අර්බුදයක් බවට පත්වෙනවා. මොකද හිතෙන හිතෙන විදියට වෙළෙන්දන් තමන්ට වුවමනා විදියට මේ මිල ගණන් තීරණය කරන නිසා. අද තියෙන ගණන් නෙවෙයි හෙට තියෙන්නෙ, හෙට තියෙන ගාණ නෙවෙයි අනිද්දා. ඩොලර් වැඩිවෙනවා කියලා තව කතාවක් කියනවා. මේ විදියට විවිධ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා මේකට වහාම මැදිහත් විය යුතුයි ආණ්ඩුවක් විදියට. පාලන මිල අතෑරලා විතරක් නෙවෙයි මුළු එකම අතෑරලා තියෙන්නෙ, අන්න ඒකයි මෙතන ප්‍රශ්නය”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරයා වන්නේ ද දයාසිරි ජයසේකර මහතා මහලේකම් ධුරය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...

ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...

වී වගාවට තවත් රක්‍ෂනාවරණයක්!

කොළඹ LNW:බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව...