සෞඛ්‍ය ඇමති සහ වෘත්තීය සමිති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්. සාර්ථක නොවුණොත් නැවතත් වර්ජනයක් !

Date:

පසුගිය දිනවල වැඩවර්ජනයේ නිරත වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරු 10.00 ට එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව සඳහන්.

වෛද්‍යවරුන්ට ලබාදී ඇති DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් ගණනාවක වෘත්තීය සමිති ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ඉල්ලීම් මුල්කරගනිමින් වැඩවර්ජන ද සිදු කළේය.

අවසන් වරට පෙබරවාරි 15 වනදා සිදුකළ වැඩවර්ජනය ඔවුන් තාවකාලිකව අත්හිටවූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ලැබුණු ලිඛිත පොරොන්දුවක් අනුව ය.

එම සාකච්ඡාව අද පැවැත්වෙන අතර එහිදී සාර්ථක විසඳුමක් නොලැබුණහොත් නැවත වැඩවර්ජනය ආරම්භ කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...