වරාය නගරයට වෙන්න යන දේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මෙම ( 2024 ) වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ. 

One World Duty Free (ODF), සිංගප්පූරුව පදනම් කරගත් ව්‍යාපාරික ආයතනය ශ්‍රී ලංකාවේ පළමු වරාය නගර තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීම සඳහා  කටයුතු සිදුකරමින් ඇති බව වාර්තා වේ.

විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සහ නේවාසික රාජ්‍ය තාන්ත්‍රිකයින්ට කොළඹ වරාය නගර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව  කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයකින් ඇමෙරිකානු ඩොලර් 5000ක් දක්වා භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබේ. නමුත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට  මිලදී ගැනීමට අවසර භාණ්ඩ වර්ග හා සීමාවන් පවතින බව පැවසේ.

විදේශ සංචාරකයින්ට මිළ වටිනාකම්  සීමාවක් නොමැති නමුත් එක් සංචාරයකට පරිමා සීමාවකට යටත් වනු ඇත. ශ්‍රී ලංකාවේ අවසර ලත් පාරිභෝගිකයාට තීරුබදු රහිත භාණ්ඩ නැවත විකිණීමට හෝ හුවමාරු කිරීමට නොහැකිය. එහි එකම අරමුණ වන්නේ පවුලේ සාමාජිකයන් අතර ස්වයං පරිභෝජනය සහ භාවිතයයි. විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ටද ගුවන් තොටුපළෙන් රැගෙන යා හැකි සීමාවෙන් පිටත භාණ්ඩ මිලදී ගත හැකි බව වාර්තා වේ.

තීරුබදු රහිත අලෙවිසැල් මඟින් විදේශීය ගනුදෙනුකරුවන්ට අන්තර්ජාලය හරහා අසීමිත ප්‍රමාණයක් අලෙවි කළ හැකිය. කොළඹ වරාය නගරය ඩොලර් (බහු මුදල්) විශේෂ ආර්ථික කලාපයක් වනු ඇත.මේ අතර කොළඹ වරාය සහ කොළඹ වරාය නගරය කටුනායක ගුවන් තොටුපළට සෘජුවම සම්බන්ධ කරන Port Access Elevated Highway (PAEH) ව්‍යාපෘතිය 2024 ඔක්තෝම්බර් මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.  කටුනායක ගුවන් තොටුපළ අතර විදේශිකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අයුරින් කොළඹ වරාය දක්වා අධිවේගී මාර්ගයද සැලසුම් කර ඇත.

ඒ වෙනුවෙන් එයාර්පෝට් ඇන්ඩ් ඒවියේෂන් සර්විසස් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් විසින් කොළඹ වරාය නගරයේ ප්‍රවේශපත්‍ර කවුළුවක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. අධිවේගී මාර්ග (Port Access Elevated Highway -PAEH) ව්‍යාපෘතිය මගින්, කොළඹ නව කැලණි පාලම සහ ගාලු මුවදොර අතර අදාළ පහසුකම් සහිත  අධිවේගී මාර්ගය කිලෝමීටර් 5.3ක් (කි.මී.) පමණ ඉදි කෙරේ. දකුණු ආසියා උප කලාපීය ආර්ථික සහයෝගීතාවයේ (SASEC) නිලධාරියෙකු පැවසුවේ ව්‍යාපෘති වැඩවලින් 85% කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...