ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ

පසුගිය පෙබරවාරි 12වන දින නවසීලන්තයට බලපෑ ගේබ්‍රියෙල් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට නවසීලන්ත රජය මඟින් නිල මරණ 11ක් හා පුද්ගලයන් අතුරුදන්වීම් පිළිබඳ සිදුවීම් 2,200ක් පමණ වාර්තා කර තිබේ.

අගමැති ක්‍රිස් හිප්කින්ස් මේ සම්බන්ධයෙන් අද(20)දිනයේ දී, මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ මෙතෙක් නොවූ විරූ හානියක් මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති බවත් ඔහු පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද ජාතික හදිසි තත්වය නැවත වරක් දීර්ඝ කිරීමට තමා කටයුතු කරන බවත්ය.

මාරාන්තික සුළි කුණාටුව හේතුවෙන් සිදුවන ලද හානිය දළ වශයෙන් ඩොලර් බිලියන 8 ඉක්මවිය හැකි බවට නිලධාරීන් අනතුරු ඇඟවා ඇති අතර, අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නැවත නවසීලන්තය ගොඩ නැංවීමට වැඩසටහන් මාලාවක් දියත් කරමින් සිටින බවයි.
ඒ අනුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද අතුරු සහන පැකේජයට අනුව ආපදාවට ලක් වූ කලාප වල මාර්ග ප්‍රතිසංස්කරණය වෙනුවෙන් නවසීලන්ත ඩොලර් මිලියන 250ක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම ව්‍යාපාර සහ ප්‍රාථමික නිෂ්පාදකයින් සඳහා හදිසි ආධාර ලෙස තවත් නවසීලන්ත ඩොලර් මිලියන 50ක් වෙන් කර ඇති අතර රජයෙන් තවත් සහන සහ නැවත ගොඩනැගීමේ අරමුදල් අපේක්ෂා කෙරේ.

නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් සන්නිවේදනයේ දුෂ්කරතා හේතුවෙන් විපතට පත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඇති දුෂ්කරතාවයන් හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...

2027 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...

මාලිමාවට බලය හිමි වැලිගම සභාවේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ 2027...