මුද්‍රණය කළ තැපැල් ඡන්ද පත්‍රිකා රහස්‍ය ලේඛන ගබඩාවේ – මුද්‍රණාලයාධිපතිනී ගංගානි

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසන්නේ, දිස්ත්‍රික්ක 22 ට අදාලව මුද්‍රණය කෙරුණු තැපල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බවයි.

ඇය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයට අදාළව මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් දැනටමත් වැයවී ඇති අතර, මින් රුපියල් කෝටි 7කට වැඩි වටිනා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවට බාරදී ඇති බවයි.

යම් විදියකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කළහොත් එම මුදල අපතේ යනු ඇති අතර, මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...