*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ලොවම උණුසුම් කළ සීතල අද හමාරයි

පෙබරවාරි 4 දා චීනයේ බෙයිජිං හී දි ඇරඹි 2022 ශීත සෘතු ඔලිම්පික් උළෙල අද නිමාවට පත්වේ.රිද්මය,වේගය සහ නමනීයත්වයේ අපූර්වත්වය රැඳුණු ඉසව් රැසක් ශිත ක්‍රීඩාවන්ට අයත් වන බැවින් ශ්‍රී ලංකාව වැනි රටකට ආගන්තුක වුව ද එය වින්දනාත්මක ක්‍රීඩාවන් බහුල තැනකි.

වෙනත් ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් හා සසඳද්දී මෙවර තරගාවලිය තරඟකාරීත්වයේ උණුසුම ඉක්මවා ගිය ලෝක දේශපාලන උණුසුම ඉහළ නැංවූ තරගාවලියකි.මෑත කාලයේ බොහෝ අවස්ථාවල ලෝකයට වග නොකියන රටක් ලෙස අභ්‍යන්තරික කාරණා සම්බන්ධයෙන් ඇති වන විවේචන නිබොරුය යැයි කියන්නට ලෝකය ඉදරියේ පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරන්නට අපොහොසත් වූ චීනය බෙයිජීං ඔලිම්පික් උළෙල හරහා නැවත වරක් අප්‍රසාදයට හේතුවන කාරණා රැසක් එකතු කර ගත්තේය.

විශේෂයෙන්ම අසල්වැසි චීන තායිපේ රාජ්‍යය මත හෙළන පීඩාව ප්‍රතික්ශේප කළ නොහැකි තත්ත්වයට සිය හැසිරීම් රටා මඟින් ඔප්පු කළ චීනය, එරට සිය යටත් විජතියක්ව පැවතිය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ලෝකයට පෙන්වන දේශපාලන හැඩයට වෙනස්, ඇතුළත ඇති අධිරාජ්‍යමය උවමානවන් හී සැඟවි මුහුණ පෙරට ගෙන එමින්ය.

එමෙන්ම චීනයට විශාල අපවාදයක් එකතු කරන උයිගර් මුස්ලිම්වරුන්ගේ ගැටළුව සඳහා වචනයට එහා ගිය විමසා බැලීමකට ලෝකයට අවස්ථාව දිමට මේ ඔලිම්පික් උළෙල හරහා චීනයට අවස්ථාව තිබුණි.නමුත් තිබුණු අවස්ථාව ඔවුන් ප්‍රයෝජනයට නොගත්තේය.ඒ, ඒ සම්බන්ධයෙන් චීනය කරන ප්‍රතාශ බොරු නිසා ද හෝ චීනය ලෝකයට අවනත නැති අධිරාජ්‍යමය හිතුවක්කාරකමක් පෙන්විමේ උවමනාව නිසා ද යන්න තේරුම් ගන්නට අපහසුය.ඒ සියල්ල ක්‍රීඩාවට එහා ගිය ලෝක දේශපාලනය උණුසුම් කළ පුවත් විය.චිනය ඒවාට ක්‍රීඩාව පාදක කරගෙන දේශපාලන පිළිතුරු සපයන්නට ගත් උත්සාහය නිසා ක්‍රීඩා උළෙල අවසාන දවසට ළඟා වන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ චීනය දෙතැනක රඳවමින්ය.

කෙසේ වුව පීඩාවන් ගැන තිබූ බොහෝ කතා අතරේත්,බොහෝ රටවල් චීනය ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ රාජ්‍යයන්ට සිය තොරතුරු තාක්ෂණය හරහා බලපෑම් ඇති කිරිමට උත්සාහ කරන බවට කරන ලද චෝදනා සහ සැකමුසු ප්‍රකාශයන් ද තිබියදී ද,ක්‍රීඩාවට සීතල බිම ස්පර්ශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ස්විය හැකියාවන් අපූරුවට විඳහා දැක්වූහ.තරගකාරීත්වය ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යන්නට ඔව්හූ සමත් වූහ.

පෙබරවාරි 4 දා සිට පෙබරවාරි 20 වන දා දක්වා කාලය තුළ ලෝකයට චමත්කාරය මුසු කරන්නට සමත් වූ මිනිස් සිරුරු තරඟ සීතල වුව ද,හිතට උණුසුම් හැඟීම් සහ නෙතට උණුසුම් දසුන් ගෙන එන්නට සමත් විය.එහි මතක තව දුරටත් සුරැක අද ලෝකයම එකට එක් ව සිටි දින ගණනක චමත්කාරය වසා දැමෙන්නේ 2026 දී ඒ චමත්කාරය ඉතාලියේ මිලානෝ හී සහ කොර්ටිනා හි ද විහිඳුවාලීමේ අභිප්‍රාය පෙරදැරිවය.එහෙත් අද අවසාන මොහොත කෙසේ නිමාවන්නේද යන්න ලෝකයම බලා සිටින්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටත් අවනත නැති ස්වරූපයක් මෙවර ඔලිම්පික් උළෙල හරහා චීනය ප්‍රදර්ශනය කරමින් සිටින බැවිනි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan