බ්‍රිතාන්‍යයේ මහරැජිණටත් කොවිඩ්

බ්‍රිතාන්‍යයේ මහ රැජිණ එලිසබෙත් ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව බකිංහැම් මාලිගාව තහවුරු කරයි.

සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් බඳු රෝග ලක්ෂණ ඈට ඇති බවත්, එහෙත් සිය සුළු රාජකාරි කටයුතු දිගටම පවත්වා ගැනීමට ඈ අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එලිසබත් රැජිණ වෛද්‍ය ප්‍රතිකාර ලබන අතර, කොවිඩ් විධිවිධාන අනුව කටයුතු කරන බවත් මාලිගය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මීට ඉහත වේලසයේ කුමරු චාර්ල්ස් ට දෙවන වරටත් කොවිඩ් ආසාදනය වී තිබූ අතර, ඔහුගේ බිරිඳ වූ කෝනෝවෝල් ආදිපාදවරියටත් පළමු වරට කොවිඩ් ආසාදනය වූ බවට වාර්තා වී තිබිණි. දෙපළම රැජිණ හමුවී තිබූ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...