රටේම පිහාටු මල් සුවඳ වයඹින් හමයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 20 කොළඹ (LNW): වයඹ පළාත් බැඩිමින්ටන් සූරතාවලිය පෙබරවාරි මස 26 වන දා සිට මාර්තු 3 දා දක්වා කුරුණෑගල නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බෝයගණේ විජයබා පාබල හමුදා ක්‍රීඩා සංකීරණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.ශ්‍රේණිගත තරගාවලියක් ලෙස විවෘත පිරිමි සහ කාන්තා තරග අංශ ඔස්සේ පිරිමි කේවල සහ යුගල තරගත්,කාන්තා කේවල සහ යුගල තරගත් මිශ්‍ර යුගල තරගත් ඇතුළත් වන අතර ඊට අමතරව කණිෂ්ඨ සහ ප්‍රවීන අංශයන්ගෙන් ද තරග පැවත්වේ.


කණිෂ්ඨ අංශයෙන් අවුරුදු 11න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ තරග අංශයන් හී පිරිමි සහ කාන්තා ලෙස ඒකල තරගත් යුගල තරගත් පැවත්වීමට නියමිතව ඇත.


ප්‍රවීනයන්ගේ අංශයේ දී වයස අවුරුදු 30 ට වැඩි,35 ට වැඩි,40 ට වැඩි,45 ට වැඩි,50 ට වැඩි,55ට වැඩි,60 ට වැඩි,65 ට වැඩි සහ 70 ට වැඩි ලෙස වන වයස් ඛාණ්ඩවලින් පිරිමි සහ කාන්තා කේවල තරග සහ යුගල තරග ඉසව් මෙන්ම මිශ්‍ර යුගල තරගත් පැවත්වීමට නියමිතය.මේ මොහොතේ ජනප්‍රිය ප්‍රවීන තරග අංශයක් වන වයස එකතුව 110 ට වැඩි කාණ්ඩයෙන් පිරිමි යුගල,කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවත්විමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...