*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

විසිරී ඇති සියලුම දෙනා එකට එකතු වෙමු , සජබෙට සහය දෙමු – ඩිලාන් පෙරේරා

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW):මේ වනවිට වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා පවසයි.

විසිරී ඇති සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නොමැති බවද ඒ මහතා කියා සිටී.

නීතිඥ ඩිලාන් පෙරේරා කියා සිටින්නේ, එනිසා සමගි ජනබලවේගයට නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 07 දෙනෙකු දැනට සහාය ලබා දීමට තීරණය කර තිබෙන බවත්, තවත් කිහිප දෙනෙකු එම තීරණයට පැමිණීම සඳහා කාලය ඉල්ලා තිබෙන බවත්, මේ අනුව ඉතිරි පිරිස්ද ඉදිරියෙහිදී සමගි ජනබලවේගයට සහය දක්වනු ඇතැයි සිතන බවත්ය.

ඒ මහතා සඳහන් කළේ , නිදහස ජනතා සභාව සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වූයේ 2022 වසරේදී බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපති ධුරයට පත් වූයේ නම් අගමැතිවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් හෙතෙම පවසා සිටියේය. ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් වූවා නම් සජිත් ප්‍රේමදාස මහතා පුමුඛ කණ්ඩායම් සමග ආණ්ඩු කිරීමට තීරණය කර තිබූ බවයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, එදා සිට දිගටම සමගි ජනබලවේගය සමග හා අනෙකුත් කණ්ඩායම් සමග එකට එකතු වී පොදු සන්ධානයක් සකස් කිරීමට සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය. වර්තමානය වන විට ආණ්ඩුවට පක්ෂපාතීව තිබෙන්නේ 20% ක ඡන්ද ප්‍රතිශතයක් බවත්, විපක්ෂයේ කණ්ඩායම්වලට 80% ක ඡන්ද ප්‍රතිශතයක් තිබෙන බවත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan