කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ මානසික සෞඛය පිළිබඳ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ මානසික සෞඛය පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණින් හඳුන්වාදුන් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව බියගම ආයෝජන කලාපයේ දී පැවැත්වුණි.

මෙහිදී මුලික අවධානය යොමුවී තිබෙන්නේ, මෙරට ආර්ථිකයට වැඩිම ශ්‍රම දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රමිකයන් පිළිබඳවයි. සියලු ආයෝජන කලාප නියෝජනය වන පරිදි මනෝ වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.ඊට අමතරව වීදි නාට්‍ය කණ්ඩායමක් හරහා ශ්‍රමිකයන් දැනුවත් කිරීමට මෙන්ම තොරතුරු සහ අධ්‍යාපනික දැනුම හුවමාරු කිරීමට ප්‍රකාශනයක් එළිදැක්වීම ද සිදු කෙරුණි.

ශ්‍රමිකයන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනිම ගැටලු විසඳා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් සැලසුම්කර ඇති බව මෙම අවස්ථාවට සහභාගී වු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපීය අධ්‍යක්ෂ ජොනි සිම්ප්ස්න් මහත්මිය ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම් කේ ඩී ලෝරන්ස් මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...