කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ මානසික සෞඛය පිළිබඳ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ මානසික සෞඛය පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණින් හඳුන්වාදුන් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාව බියගම ආයෝජන කලාපයේ දී පැවැත්වුණි.

මෙහිදී මුලික අවධානය යොමුවී තිබෙන්නේ, මෙරට ආර්ථිකයට වැඩිම ශ්‍රම දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රමිකයන් පිළිබඳවයි. සියලු ආයෝජන කලාප නියෝජනය වන පරිදි මනෝ වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.ඊට අමතරව වීදි නාට්‍ය කණ්ඩායමක් හරහා ශ්‍රමිකයන් දැනුවත් කිරීමට මෙන්ම තොරතුරු සහ අධ්‍යාපනික දැනුම හුවමාරු කිරීමට ප්‍රකාශනයක් එළිදැක්වීම ද සිදු කෙරුණි.

ශ්‍රමිකයන්ගේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනිම ගැටලු විසඳා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් සැලසුම්කර ඇති බව මෙම අවස්ථාවට සහභාගී වු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපීය අධ්‍යක්ෂ ජොනි සිම්ප්ස්න් මහත්මිය ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම් කේ ඩී ලෝරන්ස් මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...