රස කතා කියා ජනතාව අන්දවන සමාජ මාධ්‍ය රැළිවලට ආයේ නම් අහු වෙන්න එපා – සජිත් (VIDEO)

Date:

මැතිවරණ වේදිකා උඩ නැග ජනතාවට බොරු කියා, කයිවරු ගසා, රස කතා කියා ජනතාව අන්දවපු කාලයට දැන්වත් තිත තබන ලෙසත් 2019 මෙන් 2023 දී විවිධ පක්ෂ පැමිණි කියන රස කතා හා සමාජ මාධ්‍ය හරහා මුදල් වියදම් කර නිර්මාණය කළ විවිධ රැළිවල හසු නොවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස දන්නේ බස් බෙදිල්ල බවට චෝදනා කරන පුද්ගලයන්ට කියන්නට ඇත්තේ සජිත් ප්‍රේමදාස එසේ බෙදා දෙන්නේ අදාළ පුද්ගලයන් විසින් සම්පත් නොමැතිව යමක් ඉල්ලා සිටි නිසා බවත් ප්‍රයෝජනයක් නොමැතිව කිසි දෙයක් නොබෙදා ඇති බවත් විපක්ෂ නායකවරයා එහි දී පැවසීය.

පාසල්වල බස් ලබා දෙන්නේ ජනතාවගෙන් ලකුණු දමා ගන්න නොවන බවත් එය නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කිරීමට බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මින් නොනැවතී බලය ලැබුණු විට පෙර පාසලේ සිටම මෙරට අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කර නව තාක්ෂණයෙන් අනූන අධ්‍යාපන ක්‍රමවේදයක් මෙරටට හඳුන්වා දී ලෝකයට ගැලපෙන ශිල්පීන්, බුද්ධිමතුන් බිහි කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඇහැලියගොඩ දී පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...