පුරසාරම් නවත්තලා ජනතාවට රැකියා දෙන වැඩපිළිවෙල කියන්න – පොහොට්ටුව “වෙන්ඩ ජනාධිපති”ලාට කියයි

Date:

මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය යුත්තේ විරැකියාව සහ දුප්පත්කම නැති කිරීමට තිරසාර වැඩපිළිවෙලක් සහිත පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“පහුගිය දවස්වල දේශපාලන වේදිකාව පරීක්ෂා කරනකොට මට කණ්ඩායම් දෙකක් හම්බුණා. එක කණ්ඩායමක ඉන්නවා “වෙලා ජනාධිපති”. දැන් දිවුරුම් දෙන්න විතරයි තියෙන්නෙ. තව කණ්ඩායමක් ඉන්නවා “වෙන්ඩ ජනාධිපති”. ඉතින් මම මේ වෙලා ජනාධිපතිලායි වෙන්ඩ ජනාධිපතිලායි දෙගොල්ලොම කියන දේවල් ගැන ටිකක් සබුද්ධිකව හොයලා බැලුවා. කණගාටුවට කාරණය තමයි මේ එක්කෙනෙකුටවත් මේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව කිසිම අවබෝධයක් නෑ. වෙන විදිහ තමයි කියන්නෙ, වෙලා විදිහ තමයි කියන්නෙ. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මේ වෙලා ජනාධිපතිලා, වෙන්ඩ ජනාධිපතිලා ජනාධිපති පුටුවේ ඉන්දන්න අවශ්‍යතාවයක් තියෙනවාද කියන ප්‍රශ්නය අපි අහන්න ඕනෙ. හේතුව අපට කාලයක් නෑ තව ජෝකර් කෙනෙකුට අවස්ථාව දෙන්න. ඒ කියන්නෙ අත්හදා බලන්න කාලයක් නෑ. රස්සාවල් දෙන්න පුළුවන්, දුප්පත්කම නැති කරන්න පුළුවන් මේ දෙකටම තිරසාර විසඳුමක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි අපේ රටේ මීළඟ රාජ්‍ය නායකයා වෙන්න ඕනෙ. අපි අහන්නෙ මේ වැඩපිළිවෙල තමුන්නාන්සෙලා ළඟ තියෙනවා නම් මහජනයා ඉදිරියේ තියන්න, මිනිස්සුන්ට තීන්දුවක් ගන්න ඉඩදෙන්න, තැන්තැන්වල පුරසාරම් දොඩන එක නවත්තලා”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...