*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඇෆ්ගනිස්තානයට ජයක්.තරගාවලි ජයත්,කමිදුගේ ජයත් ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 22 කොළඹ (LNW): අවසාන විස්සයි විස්ස තරගය ඇෆ්ගනිස්තානය ජය ගැනීමත් සමඟම ඇෆ්ගනිස්තාන සංචාරය ද නිමාවට පත් වෙයි.අවසාන තරගය ලකුණු 3 න් ජය ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි විය.ඒය මේ සංචාරය පුරාවට ඇෆ්නිස්තානය ලද එකම ජයග්‍රහණය විය.ඉකුත් තරග දෙකට වඩා ශ්‍රී ලංකා පන්දු රැකීමේ න්‍රියාවලිය යම් පසු බැසීමකට ලක් වී තිබෙණු දකින්නට ලැබිණ.ඉතාමත් තීරණාත්මක උඩ පන්දුවක් වූ අකිල ධනංජය අතින් ගිලිහෙන උඩ පන්දුව එයින් ප්‍රධාන අවස්ථාවකි.එහෙත් ක්‍රීඩකයන් විසින් කළ වඇදිවලට වඩා අවසාන මොහොතේ දැඩිව පරාජයට බලපෑවේ හැනිබල් විනිසුරුවරයා ලබා නොඳුන් නිපන්දුවය.තීරණාත්මක මොහොතකදී නොලැබුණ ෆුල්ටොස් නිපන්දුව ශ්‍රී ලංකාව ලකුණු 3 ක පරාජය කරා රැඟෙන යන්නට බල පෑ අතර වනිදු හසරංග එහිදී විනිසුරු තීරණය මෙන්ම විනිසුරු හැසරීම ද දැඩිව දෝෂ දර්ශණයට ලක් කරමින් ඔහු වෙනත් රැකියාවක් තෝරා ගැනීම වැදගත් බව පැවසීය.කෙසේ නමුත් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් යම් ක්‍රීඩක වෙනස්කම් සහිතව තරගයට පිවිසුණු අතර එහිදී ලද අවස්ථාවෙන් කමිඳු මෙණ්ඩිස් දැක් වූ දස්කම් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කරන ලද දස්කමක් සේ සිතා සතුටු විය හැකි පරාජයේ කළු වළාවන් අතර මැවුණු රදී රේඛාවකි.


කෙසේ වුව ද,කවුරන් අතින් වැරදි සිඳු වුව ද අවසාන ප්‍රතිපලය හැටියට එකතු වෙන දේ අනාගතයේ පවතින්නේ ජය හෝ පරාජය හැටියටය.තෙවන පාර්ශවයක් ලෙස විනිසුරුවරුන් ගන්නා තීරණ ගැන පසු තැවීම තරමටම ශ්‍රී ලංකාවට මේ තරගයේදී සැලකිල්ල යොමු කළ යුතු කරුණු ඇත.ලකුණු 209 ක් දක්වා ඇෆ්ගනිස්තානයට ළඟාවීමට ඉඩ දිම ඒ අතරින් ප්‍රධානය.ඒ තත්ත්වය මේ පරාජයේ පළමු හේතුව ලෙස ගත යුතුව ඇත.එසේම පරාජය තුළ ශ්‍රී ලංකාව මේ තරගයේදී පළමු තරග දෙකට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් සිව් දෙනෙකුම කැඳවා තිබිණ.ඒ අකිල ධනංජය,නුවන් තුෂාර,කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙණ්ඩිස්ය.ඒ අතරින් වැඩි අවස්ථාවක් නොලැබෙන ක්‍රීඩකයා වූයේ කමිඳු මෙණ්ඩිස්ය.දෑතින්ම පන්දු යැවිය හැකි කමිඳු ඊයේ තරගයේදී එකඳු පන්දුවක්වත් යැවීමට යොදා ගත්තේ නැති වුව ද,පන්දුවට පහර දෙන්නට ලැබුණු අවස්ථාවේදී ඔහුගේ පිත්ත “අපෙන් වැඩක් අර ගනිව් ගනිව්” ලීලාවේ ප්‍රහාරයක් පෙන්නුවේය.


හැනිබල් විනිසුරුවරයාගේ නිපන්දුව ලැබිණිනම් තරගය ජය ගන්නට තිබෙන බව හැඟෙන තරමට දැඩි විශ්වාසයක් හිතේ ඇති වන්නේ කමිදු පන්දුවට පහර දුන් විශ්වාසන්ත සහ ආක්‍රමණශීලි ලීලාවට වන අතර ඔහු නොලැබුණු නිපන්දුවේ වැදගත්කම පැහැදිළි කරමින් අවසාන පන්දුවට දැවන්ත හයේ පහරක් ද එල්ල කරන්නට සමත් විය.එසේම අවසාන පන්දු ඕවරය කමිදුත් සමඟ පිළිගැනීමට දසුන් ශානක කඩුල්ලේ සිටියේනම් වඩාත් වැදගත් වන්නට තිබිණ.ඔහු 19 වන ඕවරයේදී අවිනිශ්චිත ලකුණකට දිවයාමෙන් කඩුල්ල අහිමි කර ගැනීම ද පරාජයට හේතුවක් විය.කෙසේ නමුත් කමිඳු මෙණ්ඩිස් ශ්‍රී ලංකාව ලද එකම පරාජයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලද ජයග්‍රහණයකි.බොහෝ දක්ෂයන් ලැබෙන අවස්ථා පීඩනකාරී තත්ත්වයන් ඇතුළේ දිය කර හරින හැටි දැක ඇතත්,කමිඳු ඉතාමත් හොඳ වගකීමකින් සහ වෘත්තීය මට්ටමකින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සමත් විය.


අවසාන විස්සයි විස්ස තරගයේදී ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.එහිදී ඔවුන් පන්දු රැකීමේ සහ යැවීමේ යම් අත්පසුවීම් ද ප1යෝජනයට ගෙන ලකුණු 209 කරා කණ්ඩායම රැඟෙන යන්නට සමත් විය.මතීඔ පතිරණ මේ තරගයේදී ද අවසාන භාගයේ පන්දු යැවීමට ඔහුට ඇති හැකියාව මනාව දැක් වූ අතර ඒ හැම විටකදීම ඔහු ඉලක්කයට පන්දුව නොයවමින් එකත් කරන වයිඩ් පන්දුවලට ලැබෙන ලකුණු ප්‍රමාණය සමඟ ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ලැබෙන අවස්ථාවන් ද වැඩි කර ලබා දුන්නේය.


ඇෆ්ගනිස්තානයේ සාර්ථකත්වය සදහා බෙහෙවින්ම බලපෑවේ ආරම්භක කඩුල්ලට පන්දු ඕවර් 7.2 ක් තුළ ආරම්භක පිතිකරුවන් වූ රහ්මතුල්ලාහ් ගුර්බාස් (70) සහ හස්රතුල්ලාහ් ෂෂායි (45) එකතු කළ ලකුණු 88 ක සබඳතාවය විය.එසේම ලකුණු නොලබා දැවී ගිය කරීම් ජනාට් හැරෙන්නට අන් සෑම පිතිකරුවෙක්ම පන්දු ප්‍රමාණයට ඉදිරියෙන් සිටින අන්දමේ ලකුණු ගණනක් තමන්ගේ වගකීම හැටියට ඉටු කිරීමද කැපී පෙණුන අතර ඒ අනුව ඇෆ්ගනිස්තානය ඊයේ දිනයේදී ඉතාමත් හොඳින් සිය විස්සයි විස්ස සඳහා සුවිශේෂි වූ අනන්‍යතාවය පැහැදිළි කර දුන්නේය.


ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සබඳතාවය ද පිළිතුරු සැපයීමේදී ලකුණු 64 ක් විය.එහෙත් කුසල් මෙණ්ඩිස් ඉන් ලබා ගත්තේ පන්දු 13 න් ලකුණු 16 ක් පමණි.කුසල් ජනිත් පෙරේරා නැවත අසාර්ථක වෙමින් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විණි.ඇෆ්ගනිස්තානයට විශාලම හිසරදය වූ පැතුම් නිශ්ශංක පන්දු 30 ලකුණු 60 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූයේ ආබාධයකට ලක් වෙමින්ය.හයේ පහරක් එල්ල කරද්දී සමබරතාවය ගිලිහී වැටීමෙන් ඇති වූ එම ආබාධ තත්ත්වය යටතේ පැතුම් තරගය තුළ රඳවා ගැනීමට වඩා,ජයගෙන අවසන් මේ තරගාවලියට වඩා ඉදිරි බංගලිදේශ තරගාවලිය සම්බන්ධයෙන් සිතා ගත් තීරණයක් ලෙස අතර මැදදි එම ඉණිම නැවතීම අර්ථකථනය කිරීම වැරදි නැත.


පැතුම්ගෙන් පසුව මේ තරගයේ දී ලද අවස්ථාවෙන් තමා විස්සයි විස්ත සංචිතය තුළ රඳවා ගැනීමේ අවශ්‍යයතාවය හොඳින් පැහැදිළි කළ කමිඳු මෙණ්ඩිස් දියත් කළ ඉණිම මෙන්ම මේ තරගයේදී යොදා නොගත්ත ද පන්දු යැවිමට ඇති හැකියාව ද අනුව බංගලාදේශයට එරෙහි තරගාවලියේදී තමන්ට කණ්ඩායම තුළ ලැබිය යුතු තැන හොඳින් පැහැදිළි කළේය.බොහෝ විට නැවත චරිත් අසලංක නැවත පැමිණෙන විට මේ තරගයට අසලංකා වෙනුවට යොදා ගත්ත ද,ඉදිරියේදී තුන් ඉරියව් හැකියාවත් සමඟ කුසල්ගේ තැන කමිඳුට හිමිවන්නට වැඩි ඉඩක් ඇත.පරාජත් තරගයේ ජයග්‍රහණය ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු කමිඳුගේ ඉණිම වූ පන්දු 39 න් නොදැවී ලකුණු 65 සඳහා හයේ පහර දෙකක් සහ හතරේ පහර 7 ක් ද එකතු කර ගෙන තිබිණ.
කෙසේ වුව ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ වූ තරගයේදි ශ්‍රී ලංකාව ජයග්‍රහණවලින් පොහොසත් විය.එසේම වඩා විශ්වසනීයව ක්‍රීඩා කළ හැකි මට්ටමට වර්ධනය වීම මෙන්ම ක්‍රීඩකයින් තමන්ට තීරණාත්මක මොහොතවලදී ලැබෙන අභියෝග ඉටු කරන්න සාර්ථකව මැදිහත් වෙන අයුරුද දක්නිනට ලැබිණ.සමස්ත තරගාවලියම සළකද්දී වඩාත් කැපී පෙණුන ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ශංක පෑ හැකියාව අනාගතයට බොහෝ වටිනා එකකි.එහෙත් කුසල් මෙණ්ඩිස් වැනි ක්‍රීඩකයින් තමන් සතු සුවිශාල සහ සුවිශේෂි හැකියාවට සංයමය සහ විශ්වාසයත් සමග බුද්ධියද එකතු කර නොගතහොත් ඔහුගේ අවශ්‍යයතාවය ඉලක්කම්වලින් කියා දෙන්නට බැරි වී ඔහුගේ ක්‍රිකට් අභියෝගයට ලක්වන්නට ඉඩ ඇත.ලැබෙන නිදහස යන්න ප්‍රතිපල නිරන්තරයෙන් අසාර්ථක ලෙස ළඟා කරන එකක් නම් එම නිදහස එක දිගට ලැබෙන එකක් නොවනු ඇත.එවිට අත්වන ප්‍රතිපලය තමන් වෙත ළඟා වෙන තෙක්ම කියවා ගැනීමට බුද්ධිය භාවිතා නොකිරිම යනු අපරාධයකි.


ඇෆ්ගනිස්තානය තරගාවලියේ එකම ජය ලබා දෙන්නට මැදිහත් වෙමින් ගුර්බාස් දියත් කළ සුවිහේෂි ඉණිමෙන් ඔහු තරගයේ වීරයා බවට පත් විය.පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක් වූ වනිඳු හසරංග සමස්ත තරගාවලියේ වීරයා විය.
පහතින් දක්වා ඇත්තේ තෙවන විස්සයි විස්ස තරගයේ සමස්ත ලකුණු පූවරුවය.→
https://www.espncricinfo.com/series/sri-lanka-vs-afghanistan-2023-24-1416068/sri-lanka-vs-afghanistan-3rd-t20i-1416079/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan