ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): නව සේවකයින් 1200ක් බඳවා ගනිමින් දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර සඳහන් කළේය.

රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ගේට්ටු නොමැති වැඩිම හරස් මාර්ග සංඛ්‍යාවක් පවතින්නේ පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වන අතර, මෙම ඇතැම් හරස් මාර්ග සඳහා පොලීසිය විසින් ගේට්ටු සවිකර තිබුණ ද පසුගිය දා පුත්තලම ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් පසු එම ගේට්ටු ඉවත් කර ගන්නා බව පොලීසිය දැනුම් දී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...