බැසිල් ආපු ගමන් අපි වැඩේට බහිනවා – එස්.එම්.චන්ද්‍රසේන

Date:

කොළඹ LNW:බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණි පසු මැතිවරණවලට මුහුණ දීම වෙනුවෙන් නිවැරදි තීන්දු ගෙන ඊට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මහ මැතිවරණයට මෙන්ම ජනාධිපතිවරණයට ද පක්ෂයක් ලෙස සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

”පොදුජන පෙරමුණ මහා මැතිවරණයක් තිබුණත්, ජනාධිපතිවරණයක් තිබුණත් අපි ඒ දෙකටම සූදානම් වෙලා තිබෙන්නේ. අපේ සංවිධාන කටයුතු අපි නිසියාකාරව කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි අද බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂය. අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධායකත්වයෙන්,එතුමාගේ සැලසුම්සහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. කොයි මැතිවරණය ප්‍රකාශ කළත් අපි ජයග්‍රහණය කරනවා. අපේ පක්ෂයේ නිර්මාතෘතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ දවස්වල විදේශ සංචාරයක ‍යෙදිලා සිටින්නේ. එතුමා ආපු හැටියේ අපි ඒ අවශ්‍ය තීන්දු තීරණ නිවැරදිව අරගෙන ඒ කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ක්‍රියාකාරිත්වය සහ සංවිධායකත්වයට සංවිධානය කරන්න කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක්, සංවිධායකයෙක් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ.

තවම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න කාලය තිබෙනවා. ඡන්දය කාලසීමාවේ තිබෙනවා නම් මැයි මාසයෙන් පස්සේ ඡන්ද කටයුතු පටන්ගන්න ඕන. පක්ෂයක්, දෙකක් අපේක්ෂකයෝ නම් කරලා තිබෙනවා. නමුත් සන්ධාන හදන පිරිස තවම අපේක්ෂකයෝ තීන්දු කරලා නැහැ. ඒ නිසා එයට කාලය තිබෙනවා. අපි විතරක් නොවේ අනෙක් පක්ෂත් තමන්ගේ අපේක්ෂකයා තෝරාගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අපිත් අවශ්‍ය වෙලාවට අපේ අපේක්ෂකයා කවුද කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නම් කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...