මෙක්සිකානු ආරක්ෂක හමුදා මෙහෙයුමකින් අත්‍යවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘එල් මෙන්චෝ’ මියයයි

0
3

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෝකයේ වඩාත්ම අවශ්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන මෙක්සිකානු කාටෙල් ප්‍රධානි “එල් මෙන්චෝ” මෙක්සිකානු ආරක්ෂක හමුදා විසින් මෙහෙයවන ලද මෙහෙයුමක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

59 හැවිරිදි ඔහු මෑත වසරවල මෙක්සිකෝවේ බලවත්ම සහ කුප්‍රකට අපරාධ සංවිධානයක් බවට පත්ව තිබූ කල්ලියක නායකයා විය.

එල් මෙන්චෝගේ ඝාතනය ඔහු පාලනය කළ කලාපය පුරා වහාම කලබලකාරී තත්වයක් ඇති කර ඇති අතර නොසන්සුන්තාව හේතුවෙන් එක්සත් ජනපද සහ කැනේඩියානු ගුවන් සමාගම්වල ගුවන් ගමන් දුසිම් ගණනක් අවලංගු කිරීමට සිදුව ඇත. එමෙන්ම ජාලිස්කෝ, ගුවානාජුවාටෝ, නයාරිට්, මිචෝආකන්, කොලිමා, ගුවෙරේරෝ, ටමෞලිපාස් සහ සැකටෙකාස් යන සංචාරක කලාප වල වාහන ගිනිතබමින් විශාල පිරිසක් ආණ්ඩුවට එරෙහිව විශාල නොසන්සුන්තා ඇතිකර තිබේ.

එක්සත් ජනපදය එහි දකුණු දේශ සීමාව හරහා කොකේන්, ෆෙන්ටැනයිල් සහ මෙතම්ෆෙටමින් විශාල ප්‍රමාණයක් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ එල් මෙන්චෝ අල්ලා ගැනීම සඳහා ඩොලර් මිලියන 15 (£11m) ක ත්‍යාගයක් ප්‍රකාශයට පත්කර තිබු අතර මෙම මෙහෙයුමේ සාර්ථකත්වයට අදාළ රහස් තොරතුරු එක්සත් ජනපද බලධාරීන් විසින් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.