බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසරේ සිසුන්ට විවෘත වේ…

Date:

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසන්නේ මෙම මස 27 වැනි දා පළමු වසරේ සිසුන්ට විවෘත කරන බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සිසුන් සියල්ලන්ම ගෙනවිත් විවෘත කරන ලෙසට සිසුන් ඉල්ලුම් කළ ද එය කිරීමට හැකියාවක් නොමැති බවයි . පියවරෙන් පියවර සිසුන් සඳහා විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙසට පාලක සභාව ප්‍රකාශ කර ඇති බව ද උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ නා හිමියන් පවසති.

මේ අතර මාස දෙකක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමින් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඊයේ පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළ අතර , ඊට පොලීසිය බාධා කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වුණි. අවසානයේ තත්ත්වය සමනය කිරීමට කඳුලුගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමට ද පොළීසියට සිදුවිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...