*
Friday, May 17, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් මැතිවරණය කඩාකප්පල් කරලා මදිවට ඒක කියමින් විනෝදත් වෙනවා!

අපේ දරුවන්ගේ, අපේ තරුණයන්ගේ පොදු ජනතාවගේ අපේ මාතෘ භූමියේ වගකීම මේ වගේ සාහසික නායකයන්ට පවරා දිය යුතු ද? අනුර කුමාර ජනතාවගෙන් ප්‍රශ්න කරයි…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) දින පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාශය හරහා, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණපනත් උල්ලංඝනය කරමින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බව පමණක් නොව, එය විහිලුවකට ගනිමින් සිනා සිසී ඒ බව පැවසීම හරහා ඔහු කෙතරම් කුරිරු හා මුග්ධ පුද්ගලයකු ද යන්න පවා තහවුරු වූ බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (23) දින පැවති ජන හමුවක් අමතමිනි.

“හැමෝම නාම යෝජනා භාර දෙනවා ඡන්ද වෙනුවෙන්. ජනතාව සූදානම් වෙනවා ඡන්ද ව්‍යාපාරයට. දේශපාලන ව්‍යාපාර රටපුරා ගිහිල්ලා ජනතාව ආමන්ත්‍රණය කරන පටන් අරන් තියෙනවා. ඒත් රනිල් ඡන්දෙ මගෝඩි ලෙස කඩාකප්පල් කරනවා. කඩාකප්පල් කරලා ඔහු විනෝදත් වෙනවා. ඇද්ද උඹලට ඡන්ද තියන්න හැදුවා කියලා. මොන වගේ කුරිරු මනසක් තියන මුග්ධ මිනිහෙක්ද? තමුන්නාන්සේලා ඒක විතරක් තේරුම් ගන්න.

අපේ දරුවන්ගේ, අපේ තරුණයන්ගේ පොදු ජනතාවගේ අපේ මාතෘ භූමියේ වගකීම මේ වගේ සාහසික නායකයන්ට පවරා දිය යුතු ද?

ජනතාවගේ සියලුම අපේක්ෂාවන්, ප්‍රජාතන්ත්‍රවාදය මේ සියල්ලම ඔහුට මේක තවත් සෙල්ලමක් විතරයි.

නිසා මේ හැම එකකින්ම කියා පාන්නේ මොනවත් නෙමෙයි, මේ පාලකයන් අපේ රට හෝ අපේ ජනතාව ගැන කල්පනා කරලා තින්දූ ගත් නායකයන් නොවේ.

ඒගොල්ලො කල්පනා කරන්න ඒගොල්ලන්ගෙ බලය, එයාලා කරන්නේ ඒගොල්ලන්ගෙ සුඛ විහරණ සහිත ජීවිත හදාගන්න එක.

ඒ නිසා අද අපි හමුවේ තියෙන වගකීම මේ මුග්ධ සාහසිකයන්ගෙන් මේ රටත් මේ රටේ ජනතාවත් බේරා ගැනීම සඳහා වූ අත්නොහලහැකි වගකීමක්.

රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද කඩාකප්පල් කරන්න හදන්නේ ව්‍යවස්ථාවේ නීතිවලට යටත් ව නෙමයි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. රනිල් වික්‍රමසිංහ ඡන්ද කඩාකප්පල් කරන්න හදන්නේ, නීති අණපනත් උල්ලංඝණය කරමින්. මැතිවරණ කොමිසමට තියෙන බලය උපයෝගී කරගෙන නෙමෙයි ඡන්ද කොමිසමේ ඇති ක්‍රියාකාරීත්වය කඩා කප්පල් කරමින්.

ඒ නිසා අපි අභිමුව ඉන්නවා ප්‍රධාන කඩාකප්පල්කාරයෙක්.. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. ඇයි එයාට කඩාකප්පල්කාරී ඒවට යන්න වෙලා තියෙන්නේ. කිසිදු ජන බලයක් නෑ. ජනාධිපති වෙලා මාස අටකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුට කිසි සේත්ම ජනතාව ගාවට එන්න බැහැ. රටේ නායකයෙක් ඉන්නවා ජනාධිපති කියල. රටේ නායකයාගෙන් මොකක්ද වෙන්න ඕන. ජනතාවගේ කැමැත්ත සහිතව ජනතාව ගාවට ගිහිල්ලා ආමන්ත්‍රණය කරලා ජනතාවගේ ගැටලු වලට විසඳුම් සොයලා ඒකට විසඳුම් දෙන්න තමයි ජනාධිපති ඉන්නේ. ජනතාව ගාවට එන්න බැරිනම්, හදාගත්තු සිතුවිල්ලකට රට පාලනය කරනවා නම්, තමන්ට තමන් විතරමනම් තමන් තීන්දු ගන්නේ තමා ගැන කල්පනා කරමින් නම්, එයාට කියන්නේ ඒකාධිපති කියලා . රනිල් වික්‍රමසිංහ යනු ජනාධිපති නෙමේ ඒකාධිපති. එයා මත පමණක් බලය තීරණය කරන නායකයෙක් බවට පත්වෙලා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාසඑකාරී, පාලනයට එරෙහිව ජාතික ජන බලවේගය මේ රටේ සියලුම ජනයා එක්‌ක මෙය පරාද කරන්න අපි ලෑස්තියි…”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan