පසුගිය ජනවාරියේ 16.8%ක උද්දමනයක්!

Date:

ජාතික පාරිභෝගික මිල දර්ශකය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය වාර්තා කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බවය. 2021 දෙසැම්බර් මාසයේ එම අගය සටහන් වූයේ 14%ක් ලෙසයි.

මේ අතර ආහාර උද්ධමනය සියයට 24.4කින් ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ආහාර ද්‍රව්‍ය වල සහ එම ගණනය සඳහා භාවිත කෙරෙන ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම උද්දමනය මෙලෙස වර්ධනය වීමට හේතුව බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. සහල්, කිරිපිටි, නැවුම් පලතුරු, නැවුම් මාළු, තිරිඟු පිටි, පාන්, එළවළු, පොල්තෙල්, කුකුල් මස්, මිරිස් කුඩු, වියළි මිරිස්, අමු මිරිස්, මයිසූර් පරිප්පු, ළදරු කිරිපිටි, පොල්, වියළි ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති අතරකෙසේ වෙතත්, දෙහි සහ බිත්තර සඳහා දර්ශක අගයන්හි අඩුවීමක් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...