දින 4ට ඝාතන 8යි. ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද?

කොළඹ LNW:පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව ඇති අතර එය ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක් වුවත් ජනාධිපතිවරයා එය ගැටලුවක් නොවන බවට සදහන් කර ඇති නමුත් පාතාල කල්ලි අතර සිදුවන මෙම ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එදා අධිකරණයේ සිදුවූ මිලේඡ්ච මිනිමැරුම සිදුවන විට එයට සම්බන්ධ කාන්තාවගේ වර්ණ ඡායාරූපයන් ඇතුළුත් බුද්ධි අංශ වාර්තාව මාධ්‍ය වාර්තා කළ අතර මෙය බරපතල ගැටලුවක් බවත් ජාතික ආරක්ෂාව ගැන තොරතුරු ලැබී තිබියදී මෙවැනි ආරක්ෂක බිදවැටීමක් ගැන පැහැදිලි විස්තරයක් සිදු කරන ලෙසයි විපක්ෂ නායකයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

මිලේච්ඡ මිනිමරුවන්ගේ මේ ක්‍රියාදාම දැඩි ගැටලුවක් බැවින් බුද්ධි තොරතුරු ලැබුණු පසු මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ද ඔහු ඉල්ලා සසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...