දින 4ට ඝාතන 8යි. ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද?

Date:

කොළඹ LNW:පසුගිය 18 සහ 21 අතර දින 4 තුළ මිනිස් ඝාතන 8ක් සිදුව ඇති අතර එය ජාතික ආරක්ෂාවට විශාල ගැටලුවක් වුවත් ජනාධිපතිවරයා එය ගැටලුවක් නොවන බවට සදහන් කර ඇති නමුත් පාතාල කල්ලි අතර සිදුවන මෙම ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

එදා අධිකරණයේ සිදුවූ මිලේඡ්ච මිනිමැරුම සිදුවන විට එයට සම්බන්ධ කාන්තාවගේ වර්ණ ඡායාරූපයන් ඇතුළුත් බුද්ධි අංශ වාර්තාව මාධ්‍ය වාර්තා කළ අතර මෙය බරපතල ගැටලුවක් බවත් ජාතික ආරක්ෂාව ගැන තොරතුරු ලැබී තිබියදී මෙවැනි ආරක්ෂක බිදවැටීමක් ගැන පැහැදිලි විස්තරයක් සිදු කරන ලෙසයි විපක්ෂ නායකයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

මිලේච්ඡ මිනිමරුවන්ගේ මේ ක්‍රියාදාම දැඩි ගැටලුවක් බැවින් බුද්ධි තොරතුරු ලැබුණු පසු මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ද ඔහු ඉල්ලා සසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...