ඉන්දියානු පොඩ්ඩියන් ගිය මඟ යෑමට ලොක්කියන්ට බැරි වෙයි

දකුණු අප්‍රිකාවේ පැවති අවුරුදු 19 න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගත්තේ ඉන්දියාව වුව ද,ජාතික කණ්ඩායම් සදහා විවෘත වූ තරගාවලියේ දී ඒ බලාපොරොත්තුව සඳහා ගමන් කරමින් සිටි ඉන්දීය කණ්ඩායම ආපසු හරවා ඉන්දියාව වෙත යැවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය .

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ගැනීමට සමත්විය.එහිදී බෙත් මූණි ලකුණු 54 ක් ලබමින් අගනා ඉණිමක් ක්‍රියාත්මක කළාය.ඉණිම නිමවෙන විටත් නොදැවී සිටි නායිකා මෙග් ලෙනින්ග් ලකුණු 49 ක් එක් කළ අතර පන්දු 18 න් ලකුණු 31 ක් රැස් කර,පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 37 ට කඩුලු දෙකක් දවා ගෙන පන්දු රැකීමෙන් ද දක්ෂතා දැක්වූ ඈෂ්ලිග් ගාර්ඩ්නර් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.

ඉන්දීය ඉණිම පාලනය කිරීම සඳහා හොඳ සූදානමකින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ස්මිට්රි මන්දනාව පාලනය කිරීමට දැඩි අවධානයක් යොමු කර තිබිණි.එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ඉන්දීය ඉණිම ලකුණු 15 වෙද්දී දෙවන කඩුල්ල හැටියට ලකුණු 2 ට දැවී ගියාය.ඒ ඇෂ්ලිග්ගේ පන්දුවක් ඉදිරියේය.

නායිකා හර්මන්පිට් කොවුර් ලකුණු 52 ක් ලබමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යන්නට විශාල වෙහෙසක් දැ⁣රුවාය.ඇය සිව්වන කඩුල්ලට ජෙමීමා රොඩ්රිගස් සමඟ ලකුණු 69 ක සබඳතාවයක් ද පැවත්වූවාය.ජෙමීමා ද ලකුණ 43 ක් ලැබුවත් සමස්ත ඉන්දීය ඉණිම පන්දු ඕවර් 20 නිමාවෙද්දී කඩුලු 8 ට ලකුණු 168 ක් ව තිබුණේ ඕස්ට්‍රේලියාවට ලකුණු 5 ක තියුණු ජයක් උරුම කරමින්ය.

ලකුණු පූවරුවට පිවිසෙන්න – https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/australia-women-vs-india-women-1st-semi-final-1338060/full-scorecard

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...