දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

Date:

දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

ජනාධිපතිවරයා හමුවී ලිපියක් භාරදීම සඳහා ඔවුන් පැමිණ ඇති අතර ඊට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙසේ විරෝධතාවක නිරත වන බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

එම්. ඒ. සුමන්දිරන්, රාසමානික්කම් ශානක්කියන්, සී. වී. විග්නේශ්වරන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ එම මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට අද දිනයේ පැමිණෙන බවට කිසිදු පෙර දැනුම්දීමක් කර නොතිබුණු බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති අතර අදාළ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට වේලාවක් ලබාදුන්නත් ඔවුන් ඊට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා සිය කාර්යාලයෙහි නොමැති අවස්ථාවක, පෙර දැනුම්දීමකින් තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම යනු ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබාදීමට සැලසුම් සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බවටත් ජනාධිපති මාධ්‍ය ඒකකය චෝදනා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...