දෙමළ පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

Date:

දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

ජනාධිපතිවරයා හමුවී ලිපියක් භාරදීම සඳහා ඔවුන් පැමිණ ඇති අතර ඊට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් මෙසේ විරෝධතාවක නිරත වන බවයි එම මන්ත්‍රීවරුන් සඳහන් කළේ.

එම්. ඒ. සුමන්දිරන්, රාසමානික්කම් ශානක්කියන්, සී. වී. විග්නේශ්වරන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.

කෙසේවෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ එම මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට අද දිනයේ පැමිණෙන බවට කිසිදු පෙර දැනුම්දීමක් කර නොතිබුණු බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති අතර අදාළ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට වේලාවක් ලබාදුන්නත් ඔවුන් ඊට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළ බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා සිය කාර්යාලයෙහි නොමැති අවස්ථාවක, පෙර දැනුම්දීමකින් තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම යනු ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබාදීමට සැලසුම් සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බවටත් ජනාධිපති මාධ්‍ය ඒකකය චෝදනා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...