වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වඩා මට වැඩ තියෙනවා – සේනාධිපතිගෙන් පිළිතුරු (VIDEO)

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ තම සමාගමෙහි සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වන නමුත් එය තමන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ දෙයක් නොවන බව ඇවන්ගාඩ් සමාගමෙහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

නිශ්ශංක සේනාධිපති මහතා මේ බව පැවසුවේ පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවෙහි පැවති “ඉර” දේශපාලන සංවාදයට එක්වෙමිනි. මෙම බිත්තර ප්‍රහාරය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා එම නාලිකාව ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කර තිබුණු නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබුණේ තම පක්ෂය ව්‍යාපාරිකයින් සමග දේශපාලන සංවාදවලට නොඑන බව පවසමිනි.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා එහිදී තම පාර්ශ්වයෙන් කරුණු දැක්වීම සිදුකළේය.

“මම බිත්තර ගහන්නෙ නෑ, පොඩ්ඩක් ඉන්න. ඇවන්ගාඩ් එකේ වැඩ මම කියන්නම්. ලෝකෙ ආයතන තියෙනවා තුනක්, එකක් තමයි ඇමරිකාවෙ තියෙනවා බ්ලැක් වෝටර්ස් ට්‍රිප්ල් කැනපි කියලා ප්‍රයිවට් කන්ට්‍රැක්ටර්ස් බයි ද ගවන්මන්ට්. ඊළඟට තියෙනවා එංගලන්තයේ කිනිමිනි කියලා. මේ මුළු ආසියාවෙම තියෙන එකම ආයතනය තමයි ඇවන්ගාඩ් ආයතනය රාජ්‍ය අනුග්‍රහයත් සමග ත්‍රස්ත විරෝධී සහ මුහුදු මංකොල්ල විරෝධී කටයුතු කරන. මේ ඉන්නෙ අපේ ටීම් එක ඇෆ්ඝනිස්ථානයේ. මේකෙ අපි තමයි ඇමරිකානු නේවි සීල්ස් එක්ක ඔපරේට් කරන්නෙ. ඒ නේවි සීල්ස් එක්ක කරලා ෆස්ට්ලයින් ඩිෆෙන්ස් එකට වැදිලා අපි බේරගත්තාම මෙන්න අපට අතට අත දෙනවා. මෙන්න අපේ වැඩ”

ප්‍රශ්නය – ඔය කියන්නෙ මම කරනවා නම් බිත්තර ගහලා නිකම් ඉන්නෙ නෑ කියලා නෙ ?

“නෑ ඒක නෙවෙයි මම කියන්නෙ. වෙලක ඉන්න තිත්ත පැටවුන්ට මම බිත්තර ගහන්න යන්නෙ නෑ. වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වැඩිය මට වැඩ තියෙනවා”

එමෙන්ම තම ආයතනයේ සේවකයින් දෙදෙනෙකු රාජකාරි වේලාවෙන් බැහැරව පුද්ගලිකව කළ දෙයක් සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බව පැවසූ ඒ මහතා තම සමාගමේ සේවකයින් දෙදෙනෙකු එල්ල කළ බිත්තර ප්‍රහාරයක වගකීම තමන් භාරගත යුතු නම් ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ලැයිස්තුවෙහි සිටි ඊබ්‍රාහීම් හාජියාර් සම්බන්ධ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගන්නවාදැයි ප්‍රශ්න කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Game of Thrones හි අනුප්‍රාප්තික කතාවන් ගැන මාර්ටින් ගෙන් ඉඟියක්!

සටහන – පුලී නොවැම්බර් 24, කොළඹ (LNW): මේ නොවැම්බර් මාසයේ...

පාසල් පැසි පන්දු පැස තවමත් විස විහිඳුවමින් ඇත

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: පාසල් පැසිපන්දු තරගාවලියේ කාන්තා...

බංගලාදේශ යන 17 න් පහළ කණ්ඩායමේ වැඩි පිරිසක් රාජකීයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 24, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 17...

ශ්‍රී ලංකාව ICAO සමඟ සබඳතා ශක්තිමත් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : ඩුබායි ගුවන් ප්‍රදර්ශනය...