නියඟය නිසා මාතර කුඩා තේවතු හිමියන් අසරණ වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): කාලයක් දිගින් දිගටම පැවති අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දුන් මාතර කුඩා තේවතු හිමියන් මේ වනවිට නියගය නිසා කබලෙන් ලිපට වැටී ඇති බව වාර්තා වේ.

ඔවුන් කියා සිටින්නේ, මාස හයක පමණ කාලයක් වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙම කුඩා තේවතු හිමියන්ට හා එම වතුවල දළු නෙළන පිරිසට ජීවනෝපාය අහිමිවී  පැවතුණු අතර, ලවන බාධකය නිසා තමන්ට මෙම ගංවතුර තත්ත්වය පැවති බවයි.

නමුත් මේ වන විට දැඩි වියළි කාලගුණයක් පැවතීම හේතුවෙන් එය ද තේ කර්මාන්තයට මරු පහරක් වී ඇත.

දළු නෙලන්නන් හා කුඩා තේවතු හිමියන් කියා සිටින්නේ, අධික වියළි කාලගුණය හේතුවෙන් තේ අක්කරයකින් දළු කිලෝග්‍රෑම් 20ක් වත් කඩා ගැනීමට නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...