පාප් වහන්සේ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුභ ලකුණක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 වකුගඩු හා පෙනහළු ආබාධයක් සම්බන්ධයෙන් සතියකට වැඩි කලක් පුරාවට රෝහල් ගතව සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන නමුත් ඔහුට රෝහල් විවේකීව සිට වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වූ බව වතිකානුවෙන් ඉකුත් සඳුදා පස්වරුවේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලදී.

“ශුද්ධ වූ පියතුමන්ගේ සායනික තත්ත්වය බරපතල වුවද සුළු දියුණුවක් පෙන්නුම් කරන බව” ද “උදෑසන ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත් අතර දහවල් ඔහු වැඩ කටයුතු නැවත ආරම්භ කළ බව” යනුවෙන් ද වැඩිදුරටත් එම ප්‍රකාශයේ සඳහන් කෙරිණි.

මේ වනවිට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාන්‍ය පරිදි ආහාර ගන්නා බවත්, මීට අමතරව සෞඛ්‍ය තත්ත්වය යහපත් වී තිබේද යන්න පිළිබඳව වෛද්‍යවරු වැඩිදුර තොරතුරු ලබා නොදුන් බවත් දැනගන්නට හැකි විය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙබරවාරි 14 වැනි දින රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙනහළුවල නියුමෝනියා තත්ත්වයක් හටගෙන ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කාගේත් අවධානය යොමු විය.

සමහරු එතුමන් ස්වර්ගස්ත වූ බව ද පවසමින් විවිධාකාරයේ බොරු මවමින් කටකතා පැතිරීමට ද සලස්වා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...