අලුත් අවුරුදු සමයේ අඩු ආදායම්ලාභීන්ට කෝටි 100ක වියදමින් සහන මල්ලක්

සටහන – රුවන් නෙළුගොල්ල

එළැඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.

සිංහල – හින්දු අලුත් අවුරුදු කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයකින් තොරව පවත්වා ගෙන යාමටත්, එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගැනීමටත් මෙහිදී සාකච්ඡා කර ඇත.

උත්සව සමයේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා දීමට මෙවර අයවැය මගින් රුපියල් කෝටි 100ක් වෙන් කර ඇති අතර එම ප්‍රතිපාදන නිසි පරිදි යෙදවීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...