අයිකොනික් ඩිවලොප්මන්ට්ස් ආයෝජන මණ්ඩලය හමුවට!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): දේපළ වෙළඳාම් ව්‍යාපාර දැවැන්තයකු වන අයිකොනික් ඩිවලොප්මන්ට්ස් (පෞද්) සමාගමේ කලාපීය අධ්‍යක්ෂ ෂිරාස් ඩවුඩ් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා අතර හමුවක් පැවැත්වී ඇති බවට වාර්තා වේ.

මෙම හමුවේදී එම සමාගම විසින් මේ වන විට දියත් කර තිබෙන ව්‍යාපෘති සහ වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී ඇති බව සඳහන්.

කීර්තිමත් දේපළ වෙළඳාම් සමාගමක් සහ ව්‍යාපාරික දැවැන්තයකු වන අයිකොනික් ඩිවලොප්මන්ට්ස් (පෞද්) සමාගම, දේපළ වෙළඳාම්, සහාධිපත්‍ය ගොඩනැඟිලි සහ ඒ හා සමාන ස්ථාපිත කිරීම් හි ප්‍රවීණත්වයක් දරන අතර, වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධ වනු ඇති බවට අපේක්ෂා කෙරේ.