හැනිබල්ගේ පැමිණිල්ලෙන් වනිදුට මුදලින් සියයට 50 ක් සහ තරග දෙකක් අහිමි වෙයි.දඩුවම් ලකුණක් හිමි වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 25 කොළඹ (LNW): ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති අවසාන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග විනිසුරු වෙන්ඩ්ල් හැනිබල්ට එරෙහිව කළ හැසිරීම නිසා තරග මුදලෙන් සියයට 50 ක් මුදලක් සහ තරග දෙකක් අහිමි කරන්නට අයිසීසී විනය කමිටුන පියවර ගෙන ඇත.එසේම දඩුවස් ලකුණුක් ද වනිඳුට එරෙහිව මේ වරද නිසා හිමි වන්නට නියමිතය.දැනටත් ඔහු වැරදීම් නිසා ලැබෙන දඬුවම් ලකුණු දෙකක හිමිකරුවෙක්ය.


මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල විස්සය විස්ස තරගවල අංක දෙකට සිටින පන්දු යවන්නා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයාද වන වනිඳු හසරංගට මේ නිසා බංගලාදේශය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගවල මුල් තරග දෙක හිමිවන්නේ නැත.ඒ නිසා ඔහු ශ්‍රේණිගත කිරීම්වල සිටින තැනින් පහතට වැටීමේ අවදානමක් ද පවතින්නේය.


වනිදු ගැටළුවට මුහුණ පෑ තරගයේදී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය ලකුණු 3 න් පරාජය වූ අතර,පැහැදිළිව පුනරූපවලින් දැක ගන්නට ලැබුණු ආකාරයට විනිසුරුවරයා එහිදී නිපන්දුවක් ලබා දීමෙන් වැළකි සිටීම නිසා මේ ගැටළුවට මුහුණ දුන්නේය.විනිසුරුට බලවත් ඉල්ලීමක් පැමිණීම නිසා තෙවන විනිසුරුගේ සහය හෝ ලබා ගැනීමට ඉඩ තිබුණු අතර නමුත් ඒ කිසිවක් සිඳු නොකර ඔහු එම නිපන්දුව ලබා දීමෙන් වැළකිණි.


මේ සිඳුවිමෙන් පසුව හැනිබල් විනිසුරුවරයාට වනිඳු දෝශාරෝපණය කිරීම මෙන්ම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ විනිසරුවරයා එම රැකියාවට නොගැලපෙන බව කීම ගැන හැනිබල් විනිසුරු විසින් ජාත්‍යන්තරයට කරන ලද පැමිණිල්ලක් මෙම තහනමට හේතු වී ඇත.මේ වන විටත් තමා අතින් වරදක් වූ බව රූප රාමුවලින් ද පැහැදිීළිව තිබියදී තමාට බැනීම සම්බන්ධයෙන් වනිඳුට එරෙහිව චෝදනා කළ ද,තමන් අතින් වෙච්චි වැරද්දට හැනිබල් විනිසුුරුවරයා එය අත්වැරද්දක්වත් කියන්නට තරම් මහත්මා ගති පෙන්වා නැත.ඔහු සිය සමාජ ජාලයක් මඟින් පළ කර තිබෙන්නේ ද,ඔහුට පිටියේ කැමති දේ කිරීමට හැකි බවත්,ඊට එරෙහි වීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් යන අන්දමේ උද්දච්ඡ ප්‍රකාශයක්ය.


මෙවැනි වරදක් සිඳු වූ විට ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලෙන්ද යම් බලපෑමක් එම විනිසුරුවරයාට ඇති විය යුතුය.එසේ නොවන්නේනම් එය කපුවාට දේවාලයේ පහරන්නට අවසර දීම වැනි ක්‍රියාවක් වනු ඇත.වැරදීම මිනිස් ගතියක් නිසා විනිසුුරුවරයෙක්ට ද වැරදෙන්ට ඉඩ ඇත.නමුත් සැකයක් මතු කරන විට එය තමන්ගේ තටේම සිට මිනිසෙක් වන තමන්ටද වැරදෙන්නට හැකි බව සිතා නැවත පරික්ෂා නොකිරිම මෙන්ම එයින් තරගයක ප්‍රතිපලයට කළ බලපෑම ගැන “මට ඕනි දේ කරන්න අයිතියක් තියෙනවා” පන්නයේ උද්ධච්ඡ පිළිතුරුවලින් ආරක්ෂා වෙන්නට යාම කිසිම මනුස්සෙකුට සුදුසු නැත.නිවැරදිම තීරණය දෙන්නට හොඳම මාර්ගය භාවිතා කිරීම මිස සැක සහිතව යමෙකුට අසාධාරණයක් වන තීරණ දීමට තමන්්ට අයිතියක් ඇති බවත්,එයට එරෙහිවීම පමණක් වරදක් ලෙස සිතීමත් මුග්ධ සහ උද්ධච්ඡ කම ප්‍රදර්ශණය කිරීමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...