කොළඹ ජම්පටා වීදියේ මහදවල් වෙඩිතැබීමක් !

0
248

අද (25) දහවල් කොළඹ, ජම්පටා වීදියේ වෙඩිතැබීමක් සිදුව ඇති අතර එයින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙසේ වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ ජම්පටා වීදියේ කුකුළු මස් වෙළඳසැලක් පවත්වාගෙන යන 57 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන සිදුකෙරේ.

RN