“ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සැලසුම්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW):මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක් වෙන් කර ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...