යළි පිබිදෙන රාජපක්ෂවාදය ….

Date:

රාජපක්ෂවාදය තරම් ලංකාවට ජාඩියට මූඩිය වගේ සෙට්වෙන වෙනත් දේශපාලන දර්ශනයක් ආයේ ලොවෙත් නෑ කියන එකයි මගේ අදහස..

එක එක නම් වලින් ආවත්, නායකයින් මාරුවෙලා ආවත්, පක්ෂෙ මාරුවෙලා ආවත් ඒ හැම එකක්ම රාජපක්ෂවාදයේම විවිධ වර්ශන් විදියටම තමා අපිට කැටගරිකරන්න වෙන්නෙ.. හේතුව, සැබෑම විකල්ප දියුණු මතවාදයන් මේ මහ පොලොවේ පැලවෙන්නෙ නෑ..

අත් අඩංගුවට ගත්ත පාතාලේ සැකකරුවන් ආයුධ පෙන්නනන්න අරන් ගිහින් පොලිසිය දාලා නඩු නැතිවම පරලොව යවපු එක තමා රාජපක්ෂවාදයේ කැලෑ නීතිය වෙලා තිබ්බෙ..

දැන් සිස්ටම් චේන්ජ් කියලා ආපු අය අතිනුත් ආයෙ ආයෙ ඒකම නම් වෙන්නේ මානවහිමිකම් තඹේකට මායිම් නොකල රාජපක්ෂවාදයම නමේද මේ ආයෙ ආයෙත් උත්ථානය වෙන්නෙ..?

රාජපක්ෂලා, දේශබන්දුලා ගෙදර ඇරියට ඒ අය කර කර හිටපු අනීතික වැඩේ හොඳට කන්ටිනිව් වෙනවා.. එතකොට ඇයි අපි දේශබන්දුලාව එලෙව්වෙ..?

කලින් වගේම තමා මිනිස්සුත් මේ වැඩේට හුරේ දානවා විසිල් ගහනවා.. එකෙක් දෙන්නෙක් විතරක් විරුද්ධ වෙනවා.. මොකක්ද වෙනස් උනේ..?

පූජනීය දළදාවහන්සේ ප්‍රදර්ශනය කිරීම බුද්ධ සාසනය තුලම ඉන්න මහානායක හිමිවරුන්ගේ ස්වාදීන තීරණයකට අනුව විය යුතු දෙයක් විදියටයි මම සලකන්නේ.. චන්දයක් කර මුලට ආපු කාලෙක දේශපාලන නායකයෙකුගේ මනාපයට අනුව දළදාවහන්සේ ප්‍රදර්ශනය කරන්ට යනවනම් එතන තියෙන්නේ දේශපාලන සූත්‍රයක් කියලා ඒක ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා..

අපිට මතකයි එක සැරයක් රාජපක්ෂලා චන්දෙ ඔන්න මෙන්න කියලා කැළනි පන්සලේ පොහොට්ටු බෙදලා, දාතු ප්‍රදර්ශනය කරලා, නයි පෙන්නලා පූජනීය ආගමක් ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරපු විදිය..එතකොට මොකක්ද වෙනස්වෙලා තියෙන්නේ ..?

දිගටම රාජපක්ෂවාදයම නෙමේද මේ නැගලා යන්නෙ..??

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...

තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...

එදවස සොඳුරුමය එතරම්….

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...