රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ පොහොට්ටුවට විතරයි – නාමල් පක්ෂය වැටුණු හැටිත් කියයි

Date:

රට ගොඩනැඟීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පමණක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“දේශපාලනික වශයෙන් අපි ශක්තිමත් දේශපාලන පක්ෂයක්. අපට වැඩපිළිවෙලක් තියෙනවා. අපි එකතුවෙමු. දේශපාලනික වශයෙන් ඔබ බයවෙන්න එපා. ඔබ බයවෙන්න අවශ්‍යයත් නෑ. මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විතරයි”

“පක්ෂයක් වශයෙන් අපි ඕනෙම මැතිවරණයකට සූදානම්. අපි මැතිවරණ ළංවෙද්දී දේශපාලනය කරපු කාලයක් තිබුණා, ඒ හින්දා අපි වැටුණා. දැන් අපි තීරණය කරලා තියෙනවා නිරන්තරයෙන් අපේ පාක්ෂිකයො එක්ක, අපේ කණ්ඩායම් එක්ක ඒ ගනුදෙනුව පවත්වාගෙන යායුතුයි කියන කාරණය. ඒ අනුව අපි මේ වෙනකොටත් ඉතාම සාර්ථක අපේ සාමාජිකයින් මුණගැසෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ව්‍යවස්ථාවට ගරු කරන නායකයෙක් විදියට ව්‍යවස්ථානුකූලව මැතිවරණය තියයි කියලා. ජයග්‍රාහී අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එක මැතිවරණයට දින නියම වුණාම අපි තීරණය කරනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ “දස බල සේනා” වැඩසටහන යටතේ කොළඹ ප්‍රදේශයේ පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලය රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...