ෆොනීව කීයටවත් ආණ්ඩුවට නොගනී. හේතුව ලීක් වී සිනා සාගරයක් !

Date:

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා පහුගිය කාලේ දිගින් දිගටම පක්ෂය ඇතුළේ ලෙඩ දාගනිමින් තමයි හිටියේ කියන එක කවුරුත් දන්න කාරණයක්නේ. ඕවා කොච්චර දුර දිග ගියාද කියනවා නම් අන්තිමේ එතුමා තමන්ගෙම පක්ෂේ ලොක්කාට විරුද්ධව උසාවි ගිහින් වාරණ නියෝගයක් පවා ගත්තා.

ඔය අස්සේම එයා පාර්ලිමේන්තුවේදී රටේ ලොක්කාවත් මුණගැහිලා රහස් සාකච්ඡාවකුත් පවත්වලා තිබුණා. ඔයින් මෙයින් කොහොමහරි එයා ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න කියලා කතාවකුත් පැතිරුණා. ඔය අස්සේ සජබෙන් හතර දෙනෙක් ආණ්ඩුවට ගන්න ලෑස්තියි, එයාලාට ඇමතිකම් දෙන්නත් ලෑස්තියි කියලා නිව්ස් එක්කුත් ප්ලාන්ට් වෙලා තිබුණා.

ඔහොම ඔය කතාව පත්තුවෙවී යන අතරේ ආණ්ඩුවේ ලොකු තැන් කීපදෙනෙකුත් මුණගැහුණු වෙලාවක මේ මාතෘකාව ඇදිලා ආවාලු. එතනදී අලි පාටියේ කීපදෙනෙක් ෆොන්සේකාව තමන්ගේ පක්ෂයට නම් කොහෙත්ම ගන්න එපා කියලා ඉල්ලීමකුත් කළා ලු. කොහොමත් එයාව නම් ගන්න ඕනෙ නෑ කියලා එකඟතාවකින් ලු කතාව ඉවර වුණේ.

ෆොන්සේකාව ආණ්ඩුවට නොගන්න මූලිකම හේතුව, එයාව ගත්තොත් සමගි ජන බලවේගයේ ඇතුළේ කචල් එක එතනින්ම ඉවර වෙන නිසා ලු. ඒ හින්දා එයා ඔය ඉන්න විදියටම එතනම ඉඳගෙන විපක්ෂයට දිගටම ලෙඩ දදා ඉදපුදෙන්, අපි මොකටද ඕවා විසඳලා දෙන්නේ කියලා ආණ්ඩුවේ ලොක්කෝ ටික කතාවුණා ලු.

කොහොමින් කොහොමින් හරි ඔය කතාව එළියට ලීක්වෙලා දැන් හැමෝම වගේ දන්නවා ලු. දන්න කට්ටිය ඕක මතක් කරකර බඩ අල්ලන් හිනා වෙනවා ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...