හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වියදම් කළේ මෙහෙමයි: අග්‍රාමාත්‍ය හරිනි හෙළි කරයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ (LNW):

අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය තුළදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින්, හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකළාය.

අග්‍රාමාත්‍යවරිය එහිදී, එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය.

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ, 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ  දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා  විසින් වන අතර, එය රුපියල් මිලියන 1,144ක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...