විදුලිබල මණ්ඩල සේවක වෘත්තීය සමිති අද (27) දීපව්‍යාප්තව ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ, සිය වැටුපෙන් අසාධාරණ ලෙස බදු අයකිරීම, විදුලි බිල් වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනි.
එමෙන්ම දිවයින පුරා විදුලි සේවකයින් අද දිනයේදී කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි ලංකා විදුලි වෘත්තීය සමිති සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
RN