සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට

Date:

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසන්නේ ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මෙම පනත තුළින් අනිෂ්ට ක්‍රියාකාරීන් විසින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම පාලනය කිරීමට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමට ද හැකිවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධාන කළ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරීන් සිය දෙනෙකු ට ආරාධනය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු චියෝ කණ්ධා (Ms. Chiyo Kanda) මහත්මිය කියා සිටියේ වසර 70 ක පමණ කාලයක සිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ උන්නතිය සඳහා එක්ව කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේදීත් එම සහාය අඛණ්ඩව ලබා දෙන බවත් ය.

මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ (Ms. Junko Narmatsu) මහත්මිය, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සභාපති රොහාන් මුත්තයියා මහතා, වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කණිෂ්ක කරුණාසේන මහතා ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...