එකමුතු වී කම්මුතු කරමු: ඩලස්

Date:

ඊයේ (26) දින ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කර තිබූ සාමකාමී උද්ඝෝෂණය මැඩපවත්වමින් එහි සාමාජිකයන් වෙත එල්ල කළ ප්‍රහාරය
හෙලා දකිමින් නිදහස ජනතා සභා නායක ඩලස් අලහප්පෙරුම මහතා ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

එය මෙසේය.

“ඊයේ, ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය, ආණ්ඩුවේ ආරක්ෂකයන් විසින් තිරස්චීන ලෙස මැඩ පැවැත් වූ ආකාරය මුළු ලෝකයාට ම නිරුවත්ව දර්ශනය විය.

මීට පෙර සතියේ, සමගි ජන බලවේගය ට ( SJB) මුහුණ දෙන්නට සිදුවූයේ ද ආණ්ඩුවේ මෙම විසකුරු ප්‍රතික්‍රියාවන්ටම ය.

සාමකාමී පුරවැසියන් ද ජනසම්මතවාදී දේශපාලන පක්ෂ ද තම ඉදිරියට පැමිණෙන ආණ්ඩුවේ “මදාවි වාදී බුල්ඩෝසරය” නැවැත්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, සියලු පරස්පරයන් පසෙක තබා, එක් අරමුණකට යොමු වීමට අපොහොසත් වන්නේ නම්, මව්බිමේ ඉතිහාසයට තවත් රුධිරයෙන් සටහන් වන පරිච්ඡේදයක් එකතුවීම වැලක්විය නොහැක.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...