එකමුතු වී කම්මුතු කරමු: ඩලස්

Date:

ඊයේ (26) දින ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කර තිබූ සාමකාමී උද්ඝෝෂණය මැඩපවත්වමින් එහි සාමාජිකයන් වෙත එල්ල කළ ප්‍රහාරය
හෙලා දකිමින් නිදහස ජනතා සභා නායක ඩලස් අලහප්පෙරුම මහතා ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත.

එය මෙසේය.

“ඊයේ, ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය, ආණ්ඩුවේ ආරක්ෂකයන් විසින් තිරස්චීන ලෙස මැඩ පැවැත් වූ ආකාරය මුළු ලෝකයාට ම නිරුවත්ව දර්ශනය විය.

මීට පෙර සතියේ, සමගි ජන බලවේගය ට ( SJB) මුහුණ දෙන්නට සිදුවූයේ ද ආණ්ඩුවේ මෙම විසකුරු ප්‍රතික්‍රියාවන්ටම ය.

සාමකාමී පුරවැසියන් ද ජනසම්මතවාදී දේශපාලන පක්ෂ ද තම ඉදිරියට පැමිණෙන ආණ්ඩුවේ “මදාවි වාදී බුල්ඩෝසරය” නැවැත්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, සියලු පරස්පරයන් පසෙක තබා, එක් අරමුණකට යොමු වීමට අපොහොසත් වන්නේ නම්, මව්බිමේ ඉතිහාසයට තවත් රුධිරයෙන් සටහන් වන පරිච්ඡේදයක් එකතුවීම වැලක්විය නොහැක.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...