ඇමතිවරුදැමූ වෙට්ටු නවතියි – ඌවට සහ බස්නාහිර නැවත පිළිගන්නයි ශ්‍රී ලංකා රගර්වලට ඇමති නියෝග

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): නාමල් රාජපක්ෂගේ කාලයේ පටන් රොෂාන් රණසිංහගේ කාලය දක්වාම ඌව සහ බස්නාහිර රග්බි සංගම් තමන්ගේ බලය වෙනුවෙන් නැවත ස්ථාපනය කිරීම වැළක්වීම සඳහා කේලම් කියමින්,යටි උඟුල් අඳිමින් සිටි පිරිස නිරුත්තර කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා එම සංගම් විසින් කරන ලද ඉල්ලීම්වලට සතුටුදායක පිළිතුරුක් ලබා දී ඇත.සදාකාලිකව එම සංගම් ජාතික රග්බි ක්‍රීඩාවෙන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් නැවත ඇතුළත් කර ගැනීමට හැකි ක්‍රියා මාර්ග සෙවිය යුතු නමුත් හිටපු අමාත්‍යවරු වටේ සිටි කේවට්ටයන්ගේ උපදෙස්වලින් එය වැළක්විණි.


අධිකරණය පවා අමාත්‍යංශයට නාමල් රාජපක්ෂ විසින් පැන වූ වාරණය ඉවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට ඉටු කළ යුතු වගකීම් ලෙස පැවරූ කොටස්වල මෙම රග්බී සංගම්වලට කරුණු අවබෝධ කර දී නැවත රගර් පිටියට සක්‍රීයව දායක කර ගැනීමේ හැකියාව පෙන්නා දී ඇත.එහෙත් දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළේ අමාත්‍ය කේවට්ටයන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට ද එම සංගම් දෙක සම්බන්ධයෙන් නමණීය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද බලා ඊට එරෙහිව චෝදනා ගොනු කරමින්ය.
එහෙත් මේ ඉතිහාස කතාවන් සහ හැසිරිම් සියල්ල අධ්‍යයනය කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ඌව සහ බස්වාහිර රග්බි සංගම් විසින් තමන්ව නැවත ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රයේ ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට සතුටුදායක පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රගර් සභාපති ලෙස මේ මොහොතේ වැඩ බලන සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් නියෝග කර ඇත්තේ එම රග්බි සංගම් දෙක නැවත ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙසය.


පෙබරවාර 22 වන දා මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යරයාගේ නියෝගය දැණුම් දෙමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩ බලන රගර් සභාපතිවරයාට යොමු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...