ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාර කාන්තාව හොයන්න පොලිස් කණ්ඩායම් 11ක්!

Date:

කොළඹ LNW:ගණේමුල්ලේ සංජීව ඝාතනය සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට තවමත් නොහැකි වී තිබෙන අතර එම කාන්තාව සෙවීමේ මෙහෙයුමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් දෙකක්ද එම මෙහෙයුමට සමබන්ධ කර ඇති අතර තවත් පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාවට රටින් පිටවීමට හැකියාවක් ලැබී නැති අතර ඇය මෙරට තුළ සිටින්නේ යැයි තොරතුරු වාර්තා වන බවද වටගල මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙය වූ ආකාරය සහ කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් සිට වෙඩික්කරු සමග මිතුරු වී ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන තොරතුරු රැසක් පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියි.

මෙම සිද්ධියට සම්බන්ධ සහ එම ඝාතනය මෙහෙය වූ විදෙස්ගත පාතාල කල්ලි නායකයින් හැකි ඉක්මණින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු කියාසිටියි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සහය දැක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ද බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...