පාතාලයාව ගුවන් තොටුපලෙන් පැන්නූ විහාරාධිපති හිමිනමක් ඇතුළු 3ක් අත්අඩංගුවට !

කටුනායක ගුවන් තොටුපල පොලිසියේ අත් අඩංගුවේ පසුවූ පාතාල සාමාජිකයකු මුදාගෙන ඔහුට පැනයාමට සැලැස්වූ භික්ෂූන් දෙනමක් හා රියදුරෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජයලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේවල ඉන්ද්‍රසාර හිමි, දිවුල්වැව දීපානන්ද හිමි සහ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල පදිංචි කේ. ඩබ්. ඒ. දිලාන් නමැති අය වේ.

මොවුන්ව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් හෙට්ටිපොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර එම විහාරස්ථානයේ සිටි වයස අවුරුදු 11ක සාමනේර හිමිනමක් ආරක්ෂාව සඳහා පොලිස් භාරගෙන ඇති බවත් සඳහන්.

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු පසුගිය 24 වනදා ව්‍යාජ නමකින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටව ඩුබායි රාජ්‍ය බලායාමට උත්සාහ දරද්දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පොලීසියට භාරදී තිබුණු අතර ඉහත කී භික්ෂූන් දෙදෙනා සහ රියදුරා විසින් සැකකරු පොලිස් භාරයෙන් මුදාගෙන ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...