සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ වර්තමාන පොලිස්පතිවරයා පිළිබඳ තීන්දුවක් ගන්නවා – කිරිඇල්ල

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 29 කොළඹ (LNW): නව පොලිස්පති ලෙස දේශබන්ධු තෙන්නකෝන් මහතා පත් කිරීමේ යෝජනාව සලකා බැලූ ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඡන්දය භාවිත කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටී.

ඒ ගැන අදහස් දක්වන කිරිඇල්ල මහතා ,

” පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වුණාම ව්‍යවස්ථාදායක සභාවේ 4 දෙනෙක් පක්ෂව ඡන්දය ලබාදුන්නත් දෙදෙනෙක් විරුද්ධ වුණා, දෙදෙනෙක් මතයක් ප්‍රකාශ නොකර නිහඬව සිටියා. මූලික අවස්ථාවේ කථානායකවරයාට ඡන්දයක් නෑ. කථානායකවරයාට ඡන්දය ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඡන්දය සම වුණොත් විතරයි. ඡන්දය සම නොවුණ අවස්ථාවක කථානායකවරයාට ඡන්දය ලබාදීමට අවස්ථාවක් නෑ.

නමුත් කථානායක ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ඡන්දය භාවිතා කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න වැඩකටයුතු මේ වනවිට සූදානම් කරලා තිබෙනවා. මානව හිමිකම් චෝදනා තිබෙන පුද්ගලයෙක් තමයි පොලිස්පතිවරයා ලෙස පත්වෙලා සිටින්නේ. නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් ආදර්ශවත් පුද්ගලයින් විය යුතුයි. නීතිය කඩන පුද්ගලයකුට එම ආදර්ශය ලබාදීමට නොහැකියි. පොලිස්පති ධුරයට අවශ්‍ය කීර්තිමත් චරිතයක් තිබෙන පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙකුට තමයි නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ වර්තමාන පොලිස්පතිවරයා පිළිබඳ තීන්දුවක් ගන්නවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු...

සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව්යෝක්හි පළමු...

ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : වසර දහයකට පසු...