*
Friday, May 3, 2024
spot_img

Latest Posts

(VIDEO):දේශබන්දුගේ පත්වීම නීතියේ ආධිපත්‍යයට අභියෝගයක්

කොළඹ LNW:නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

පත් කරන ලද පොලිස්පතිවරයාට මානව හිමිකම් සම්බන්ධයෙන් නඩු ගණනාවක් පවතින අතර ඊට අමතරව ඔහු නඩු රැසකින් වරදකරුවකු බවට පත්ව සිටින බවයි රණවක මහතා සඳහන් කරන්නේ.

එවැනි පුද්ගලයෙකුට පොලිස්පති ධුරයට පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමට බරපතල තර්ජන එල්ල වන බව රණවක මහතා සඳහන් කරයි.

දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වීමද ගැටලුවක් වන අතර අරගල සමයේදී ඔහුගේ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබෙන බවද මන්ත්‍රීවරයා කියාසිටියි.

මෙවැනි පසුබිමක නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ හැකි පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත් කිරීම වැදගත් බව රණවක මහතා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan