පොහොර ප්‍රශ්නය නිසා වගා හානි වූ ගොවියන්ට රු. 50,000ක උපරිම වන්දි මුදලක්!

Date:

රසායනික පොහොර ගෙන්වීම අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මහ කන්නයේදී වගා හානි සිදු වූ ගොවීන් වෙත හෙක්ටයාරයකට රු.50,000කට යටත්ව වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසුවේ එම වන්දි මුදල දිරි දීමනාවක් ලෙස ලබා දෙන බවයි.

හෙක්ටයාර ලක්ෂ 08ක් සඳහා ගොවින් ලක්ෂ 11කට එම වන්දි හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

”ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ රජය රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට තීන්දු කළා. ඒ අනුව 2021 මහකන්නයේ හෙක්ටයාර ලක්ෂ 08ක් වගා කරපු ගොවීන්ට කාබනික පොහොර භාවිතා කරලා කෘෂිකර්මාන්තයේ නියැලෙන්න සිද්ධ වුණා. අමත්‍යංශය හැටියට නියමිත වෙලාවට කාබනික පොහොර දීගන්න බැරි වුණා. ගොවීන් දැනුවත් කරන්න බැරි වූණා. ඒ නිසා ගොවීන්ගේ නිෂ්පාදනයේ යම් අඩුවක් සිදුවුණා. අපි එදා රජය ලෙස පැහැදිලිව කිව්වා ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ, නිෂ්පාදනයේ යම් අඩුවක් වුණොත් එය ප්‍රතිපූරණය කරනවා කියන එක. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය මහා කන්නයේ ගොවීන්ට වගාවේ සිදුවෙච්ච හානිය වෙනුවෙන් මුදලක් ගෙවීමට තීරණය කළා. ඒ නිසා අපි දිරි දීමනාවක් හැටියට හෙක්ටයාරයකට 50,000කට යටත්ව ලබන සතියේ ඉඳලා පසුගිය මහ කන්නයේ වගකරපු ගොවීන් ලක්ෂ 11ක් හෙක්ටයාර ලක්ෂ 08ක් සඳහා මුදල් ගෙවීමට තීන්දු කළා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...