නිදහස් අධ්‍යාපනයට මවක් වූ Ruth Gottesman!

Date:

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෛද්‍ය රූත් ගොටෙස්මන් ( Ruth Gottesman ) ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ දීර්ඝකාලයක් තිස්සේ සේවය කළ මහාචාර්‍යවරියක්, දානපතිනියක් සහ ප්‍රධාන වෝල් ස්ට්‍රීට් මූල්‍යකරුවෙකුගේ බිරිඳකි.

ඉකුත් දිනයක ඇය තමන්ගේ මියගිය සැමියාගෙන් තමන්ට උරුම වුණ ඩොලර් බිලියනයක සම්පූර්ණ මුදල ඇල්බර්ට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට පරිත්‍යාග කර ඇති බවට විදෙස් මාධ්‍ය පුරා කතාබහට ලක්වුණු කරුණක් විය. මෑත ඉතිහාසයේ එක්සත් ජනපදයේ අධ්‍යාපන ආයතනයක් වෙනුවෙන් සිදු කරන ලද විශාලතම මූල්‍ය පරිත්‍යාගය ද එය විය.

Audacy

මහාචාර්ය රූත් ගොටෙස්මන්ගේ මේ පරිත්‍යාගයේ පුවත වාර්තා කරන නිව්යෝර්ක් ටයිම්ස් හි වාර්තාකරුවන් ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඇය තම අදහස් පළ කර සිටියාය.

The US Sun

ඇයගේ සැමියා වියෝ වූවත් Berkshire Hathaway වල ඇයටවත් නොදන්වා විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කොට ඇති බවත් ඇය පැවසීය.

‘ඔයාට නිවැරදියි කියලා හිතෙන ඕනෑම දෙයක් වෙනුවෙන් වියදම් කරන්න!’ රූත් ගොටෙස්මන් ගේ සැමියා ඇයට දන්වා තිබුණේ හිතට වදින උපදෙසකි.

අපිට ඉන්නේ ඉතාම දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයෝ, මේකෙන් ඔවුන් වගේම දක්ෂ, නමුත් වෛද්‍ය විද්‍යාලයට ඉගෙනීමට පැමිණීමට තියා ඒ ගැන හිතන්නවත් බැරි තවත් සිසුන්ට මෙම පරිත්‍යාගයෙන් ඉඩ හසර ලැබේවි.

“පිලිප් ට විතරක් නෙවෙයි, වක්‍රාකාරයෙන් මොන්ටෙෆියුරියට වගේම අයින්ස්ටයින්ටත් උදව් කරන්න අවස්ථාව ලැබීම ගැන මට හරිම නිහතමානී ආඩම්බරයකුත් දැනෙන බව”ද ඇය සඳහන් කළාය.

ඇගේ තීරණය ගැන මියගිය සැමියාගේ ප්‍රතිචාරය කෙසේ වේවිද කියා ඇයට හැගෙන බව පවසමින් ඇය මෙසේ පැවසීය.

“ඔහු හිනාවෙන අතරෙම පොඩ්ඩක් නළල රැළි කරාවි කියලයි මට හිතෙන්නෙ .

නමුත් ඔහුමයි මට මේ දේ කරන්න අවස්ථාව දුන්නේ. ඒ නිසා ඔහුට සතුටක් දැනේවි. මං බලාපොරොත්තු වෙන්නෙ එහෙමයි. “

ඇගේ ආදර්ශය තවත් බොහෝදෙනෙක්ට මග පෙන්වාවි යැයි තමාට හැගුණ බැවින් පරිත්‍යාගය ප්‍රසිද්ධියේ සිදු කරන ලෙස තමන් ඇයව දිරිමත් කළ බව ඇල්බර්ට් අයිස්ටයින් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිත මොන්ටෙෆියුරි හි විධායක අධ්‍යක්ෂවරයා ආචාර්ය පිලිප් ඕශුවා ප්‍රකාශ කළේය.

මහාචාර්ය රූත් ගොටෙස්මන් වෛද්‍ය විද්‍යාලයීය ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී මේ නිවේදනය කරපු මොහොතේ සිසුන් ප්‍රීතියෙන් කෑ ගසමින් ඊට ප්‍රතිචාර දක්වන වීඩියෝවේ දර්ශන මේ වන විට ලොව පුරා සංසරණය වී හමාරය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...